චීනය, සිය නව සංවර්ධනය සමඟ ආසියා ශාන්තිකර කලාපයට මෙන්ම ලෝකයට වඩාත් නවීන සංවර්ධන අවස්ථා ගෙන එනු නිසැක ය
2022-11-20 21:36:59
Share with:

APEC සංවිධාන නායකයන්ගේ 29 වන නිල නොවන රැස්වීම තායිලන්තයේ දී අවසන් විය. එම රැස්වීමේදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පොදු ඉරණමක් සහිත ආසියා-ශාන්තිකර ප්‍රජාවක් ගොඩනැගීම සහ කලාපීය ආර්ථික ඒකාබද්ධතාව ප්‍රවර්ධනය පිළිබඳව වැදගත් යෝජනා මාලාවක් ඉදිරිපත් කළේය. ඔහුගේ වැදගත් ප්‍රකාශ ගෝලීය පාලනයේ "ආසියානු මොහොත" ආලෝකමත් කර ඇති අතර, චීනය පොදු අභියෝගවලට මුහුණ දීම සඳහා විවිධ පාර්ශ්ව සමගි කරන ප්‍රමුඛ බලවේගයක් බවට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍යවල පොදු එකඟතාව වී තිබේ. 

APEC යනු ආසියා ශාන්තිකර කලාපයේ වැදගත්ම ආර්ථික සහයෝගිතා වේදිකාවයි. "විවෘතභාවය, සම්බන්ධතාව සහ සමතුලිතතාව" තේමාවෙන් යුත් මෙවර APEC රැස්වීම, ආසියා ශාන්තිකර පවුලේ පොදු අපේක්ෂාව පිළිබිඹු කර ඇත. 

චීනය, APEC හි වැදගත් සාමාජිකයෙකි. 2013 වසරේ සිට, ෂී ජින්පිං මහතා APEC රැස්වීම්වල බොහෝ වාරයක් වැදගත් දේශන පවත්වා ඇත. මෙම APEC රැස්වීමේදී, හෙතෙම නැවත ලෝකයට අනුප්‍රාණය සපයන චින්තනයන් ඉදිරිපත් කළේය. නිදසුනක් වශයෙන්, APEC සංවිධානයේ කර්මාන්ත හා වාණිජ නායකයන්ගේ රැස්වීමට ලිඛිත දේශනයක් ඉදිරිපත් කළ හෙතෙම නව තත්ත්වය යටතේ ආසියා ශාන්තිකර  සහයෝගිතාව ප්‍රවර්ධනය සඳහා කරුණු හයක් පැහැදිලි කළේය. APEC නායකයන්ගේ නිල නොවන රැස්වීමේදී, සාමය, පොදු සමෘද්ධිය, පිරිසිදුකම සහ අන්‍යෝන්‍ය සහයෝගය ඇතුළත් පොදු ඉරණමක් සහිත ආසියා- ශාන්තිකර  ප්‍රජාවක් ගොඩනගන ලෙස හෙතෙම ඉල්ලා සිටියේය.

APEC හි මුල් අභිප්‍රාය වන්නේ ආසියා ශාන්තිකර  ආර්ථිකයේ විවෘභාවය හා සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීමයි. එය සාක්ෂාත් කර ගැනීම සඳහා, චීනය ප්‍රඥාව සහ ප්‍රායෝගික පියවර විශාල ප්‍රමාණයක් සපයා ඇත.

චීනයේ සංවර්ධනය සහ ආසියා ශාන්තිකර  කලාපයේ සමෘද්ධිය එකිනෙක වෙන් කළ නොහැකි ය. මෙම APEC රැස්වීමේදී ෂී ජින්පිං මහතාගේ වැදගත් ප්‍රකාශ යළිත් ආසියා ශාන්තිකර  කලාපීය සංවර්ධන මාවතේ සුවිශේෂී චීන සලකුණක් ඉතිරි කර ඇත. නවීකරණය කරා නිරන්තරයෙන් ගමන් කරන චීනය, සිය නව සංවර්ධනය සමඟ නිසැකවම ආසියා ශාන්තිකර  කලාපයට මෙන්ම ලෝකයට වඩා නව සංවර්ධන අවස්ථා ගෙන එනු ඇත.


ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම