දේශගුණික විපර්යාස පිළිබඳ චීන-ඇමරිකානු සාකච්ඡාව ඵලදායී බව චීනය කියයි
2022-11-20 16:22:49
Share with:

දේශගුණික විපර්යාස පිළිබඳ චීන-ඇමරිකානු සාකච්ඡාව ඵලදායී බව චීනය පවසයි.

එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස රාමු සම්මුතියේ පාර්ශ්වයන්ගේ 27 වන සමුළුව ඊයේ (19) පස්වරුවේ තීරණාත්මක අදියරට පිවිසිණ. චීන-ඇමරිකානු දේශගුණ සාකච්ඡා ක්‍රියාවලිය ඇතුළු සියලු පාර්ශ්වයන්ගේ අවධානයට ලක්වූ කරුණු පිළිබඳ විශේෂ මාධ්‍ය හමුවක් චීන නියෝජිත කණ්ඩායම විසින් පවත්වනු ලැබීය.

සමස්තයක් ලෙස චීන-ඇමරිකා සාකච්ඡාව ඉතා ඵලදායී බව චීන ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත, චීනයේ දේශගුණික විපර්යාස කටයුතු පිළිබඳ විශේෂ නියෝජිත Xie Zhenhua මහතා එහිදී පැවසීය.

මේ අතර, අද (20) පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස රාමු සම්මුතියේ පාර්ශ්වයන්ගේ 27 වන සමුළුවේ අවසන් රැස්වීමේදී  දේශගුණය පිළිබඳ පූර්ණ ගිවිසුමකට එළඹ ඇත. එමෙන්ම දේශගුණික විපත්වලට ලක්වූ සංවර්ධනය වෙමින් පවතින රටවලට සහය ලබා දීම සඳහා අරමුදලයක් ස්ථාපනය කිරීමට ද මෙහිදී එකඟතාව පළවිය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම