6 වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය චීනයේ කුන්මිං නගරයේදී
2022-11-20 15:29:59
Share with:

6 වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය හෙවත් 26 වන චීන කුන්මිං ආනයන හා අපනයන වෙළඳ ප්‍රදර්ශනය ඇරඹේ. සමාරම්භක උත්සවය ඊයේ (19) චීනයේ යුන්නාන් පළාතේ කුන්මිං නගරයේදී පැවැත්විණ‍.

“නව අවස්ථා බෙදාගැනීම, එක්ව නව සංවර්ධනයක් සෙවීම” යන තේමාවෙන් යුත් එම ප්‍රදර්ශනය දවස් 4 ක් පුරා පැවැත්වේ. රටවල්, කලාප සහ ජාත්‍යන්තර ආයතන 80 ක නියෝජිතයෝ ඊට සහභාගි වෙති.

දකුණු සහ අග්නිදිග ආසියානු රටවල් සමඟ බහුපාර්ශ්වික රාජ්‍ය තාන්ත්‍රිකත්වය, වෙළඳ සහයෝගීතාව සහ සංස්කෘතික හුවමාරු සඳහා එම ප්‍රදර්ශනය චීනයට වැදගත් වේදිකාවකි‍. 2013 වසරේ ඇරඹුණු චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයට මේ දක්වා රටවල්, කලාප සහ ජාත්‍යන්තර ආයතන 89 ක් සහභාගි වී ඇති අතර, ව්‍යාපෘති 2770 ක් සඳහා ද අත්සන් තබා ඇත.

මෙම  ප්‍රදර්ශනයට සමගාමී ව, චීන-දකුණු ආසියානු සහයෝගිතා සංසදය, චීන-දකුණු ආසියානු ව්‍යාපාරික සංසදය, චීන-ඉන්දියන් සාගර කලාපීය සංවර්ධන සහයෝගිතා සංසදය සහ චීන-දකුණු සහ අග්නිදිග ආසියානු චින්තන සංසදය ද පැවැත්වේ.


ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම