චීන හා පේරු විදේශ ඇමතිවරුන් අතර හමුවක්
2022-11-19 15:14:24
Share with:

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික හා විදේශ අමාත්‍ය වන්ග් යී මහතා පේරු විදේශ අමාත්‍ය César Landa මහතා හමුවෙයි.හමුව තායිලන්තයේ බැංකොක් නුවර දී සිදුවිය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ  20 වැනි ජාතික කොංග්‍රසය  සාර්ථක ලෙස පැවැත්වීම ඉතා වැදගත් බව සඳහන් කළ පේරු විදේශ ඇමතිවරයා, චීන ජනාධිපති ෂී ජින්පිංමහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්වරයා ලෙස යළි තේරී පත්වීමෙන් චීනය  දිගුකාලීන හා වඩාත් ස්ථාවර  ජයග්‍රහණයන්  කරා යනු ඇති බව පැවසීය. චීනය පේරු රාජ්‍යයේ වැදගත් හවුල්කරුවෙකි. දෙරට අතර සාම්ප්‍රදායික මිත්‍රත්වයට  මහජන මතයේ ගැඹුරු පදනමක් ඇති බවද හෙතෙම කීය. 

පේරු රාජ්‍යය එකම චීනය ප්‍රතිපත්තිය දැඩිව අනුගමනය කරන අතර චීනය සමඟ විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව ගැඹුරු කිරීමට සහ දෙරට අතර පූර්ණ උපායමාර්ගික හවුල්කාරිත්වයේ අන්තර්ගතය අඛණ්ඩව  ශක්තිමත් කිරීමට සූදානම් බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසය ලද  විශිෂ්ට ජයග්‍රහණ සහ දිගුකාලීන වැදගත්කම චීන විදේශ ඇමතිවරයා විසින් පේරු විදේශ ඇමතිවරයා දැනුවත් කරන ලදි.

ජනාධිපති ෂී ජින්පිං මහතා ගේ  ප්‍රධානත්වයෙන් චීන ජනතාව චීන ජාතියේ මහා පුනර්ජීවනය පුළුල් ලෙස ප්‍රවර්ධනය කරමින් සෑම ආකාරයෙන්ම නවීන සමාජවාදී රටක් ගොඩනැගීමේ නව ගමනක නිරත වන බවද හෙතෙම කීය.පේරු රා‍ජ්‍යය සමග සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට චීනය සූදානම් බවද චීන විදේශ ඇමතිවරයා පැවසීය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම