පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සාහිත්‍යයෙන් පෝෂණය කිරීමට පියවර ගන්නා බව අගමැති කියයි
2022-11-19 15:49:27
Share with:

රටේ සෑම පාසලකම පුස්තකාලයක් ස්ථාපිත කිරීම සඳහා සහය ලබාදීමට මෙන්ම මඟ පෙන්වීමට ක්‍රියාකරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. මෙරට පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සාහිත්‍යයෙන් පෝෂණය කිරීම සඳහා එම ක්‍රියාදාමය වැදගත් වනු ඇතැයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ජාතික සාහිත්‍ය ප්‍රදානෝත්සවය අමතමිනි.

නව තොරතුරු තාක්ෂණය පුස්තකාල පද්ධතියට එක්කර ගනිමින් දරුවන්ගේ දැනුම පෝෂණය කිරීමට පියවර ගැනීම ඉතා වැදගත්ය. සිංහල දෙමළ සහ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයම ප්‍රගුණ කළ විවිධත්වය අගය කරන අනාගත දරු පරපුරක් බිහි කිරීමට ක්‍රියා කළ යුතුය. රටේ අනාගත පරපුර නව්‍යමානයකට ගෙන යාමට ක්‍රියාත්මක විය යුතු බව ගුණවර්ධන මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම