චීනය සහ ඇමරිකාවට අන්‍යෝන්‍ය අවබෝධය තවදුරටත් වර්ධනය කර ගැනීමට හැකිවෙතැයි චීන ජනාධිපතිවරයා අපේක්ෂා පළ කරයි
2022-11-19 15:17:31
Share with:

චීනය සහ ඇමරිකාවට අන්‍යෝන්‍ය අවබෝධය තවදුරටත් වර්ධනය කර ගනිමින්, වරදවා වටහාගැනීම් සහ වැරදි විනිශ්චයන් අවම කිරීමට හැකි වෙතැයි චීන ජනාධිපතිවරයා අපේක්ෂා පළ කරයි.

ද්විපාර්ශ්වික සබඳතා යහපත් සහ ස්ථාවර මාවතකට ගෙන ඒම සඳහා එක්ව කටයුතු කිරීමට හැකිවීම ද බලාපොරොත්තුවක් බව හෙතෙම කීය. චීන ජනාධිපතිවරයා‍ මෙම අදහස් පළ කළේ APEC සංවිධානයේ නායකයින්ගේ 29 වන නිල නොවන රැස්වීමට සමගාමීව ඇමරිකා උප ජනාධිපතිනී කමලා හැරිස් මහත්මිය සමග පැවති කෙටි හමුවකදීය. එහීදී හැරිස් මහත්මිය ප්‍රකාශ කළේ චීනය සමග ගැටුමක් ඇතිකර ගැනී‍මේ අභිලාෂයක් ඇමරිකාවට නොමැති බවය.දෙපාර්ශ්වය ගෝලීය ගැටළු සම්බන්ධයෙන් සහයෝගතා පැවැත්විය යුතු අතර සංනිවේදන මාර්ග විවෘතව තැබිය යුතු යැයි ද ඇමරිකා උප ජනාධිපතිවරිය පැවසුවාය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම