පුළුල් අවධානයට ලක්ව ඇති චීන ජනාධිපතිවරයාගේ තායිලන්ත සංචාරයේ ක්‍රියාකාරකම්
2022-11-19 19:56:00
Share with:

සිකුරාදා(18) උදේවරුවේ එපෙක් සංවිධාන නායකයින්ගේ 29වන නිල නොවන රැස්වීම තායිලන්තයේ බැංකොක්හිදී පැවැත්විණ. චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එහිදී වැදගත් දේශනයක් සිදු කර රටවල් රැසක නායකයින් ද හමු විය. ඔහුගේ එම රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාකාරකම් වැදගත් කරුණු පහකින් සම්පිණ්ඩනය කළ හැකිය.

පළමුවෙන්ම, ආසියා ශාන්තිකර ආශ්චර්යය.

ආසියා ශාන්තිකර ආශ්චර්ය අඛණ්ඩව පවත්වා ගෙන යන්නේ කෙසේ ද? එපෙක් රැස්වීමේදී ෂී ජින්පිං මහතා සිව්වැදෑරුම් යෝජනාවලියක් ඉදිරිපත් කළේය. ජාත්‍යන්තර සාධාරණත්වය හා යුක්තිය ආරක්ෂා කරමින් සාමකාමී ස්ථාවර කලාපයක් ගොඩනැගීම, විවෘතභාවය හා සහයෝගතාව පිළිබඳ සංකල්පයේ එල්බ සිට පොදු පොහොසත්කමෙන් යුක්ත කලාපයක් සංවර්ධනය කිරීම, අඩු කාබන් හරිත සංවර්ධනය ඉදිරියට ගෙන යමින් පවිත්‍ර සුන්දර කලාපයක් බිහි කිරීම, පොදු ඉරණමක් සහිත, එකිනෙකාට සහාය වන කලාපයක් ගොඩනැගීම ඔහුගේ එම සිව්වැදෑරුම් යෝජනාවලියේ ප්‍රධාන කරුණු ය.

දෙවනුව, ආදර්ශවත් යන්නය.

චීන ජනාධිපතිවරයා 18 වනදා එපෙක් රැස්වීමට බැංකොක් නුවරට පැමිණ සිටින විදේශ නායකයින් සිව්දෙනෙකු  හමු විය.

චීනය හා බෲනායි රාජ්‍යය, ලොකු කුඩා රටවල් අතර සාමකාමී සහපැවැත්ම හා පොදු ජය දිනා ගැනීම පිළිබඳ ආදර්ශයක් බව බෲනායි සුල්තාන්වරයා හමු වූ විට ෂී ජින්පිං මහතා කීය. එසේම චිලී ජනාධිපතිවරයා සමග හමුවේදී ඔහු අවධාරණය කළේ චීන චිලී සම්බන්ධතාවය සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර සහයෝගතාවේ ආදර්ශයක් වී ඇති බවයි.

තුන් වනුව, ‘Rewi Alley ජීවගුණය’ය.

නවසීලන්ත ජාතික, සමාජ ක්‍රියාකාරී Rewi Alley මහතා, වසර 1942කේ චීනයේ වෘත්තීය පුහුණු විද්‍යාලයක් ආරම්භ කර චීනයට කම්කරු ප්‍රවීණයින් විශාල පිරිසක් බිහි කිරීමට දායක විය.  චීන-නවසීලන්ත ජනතාව අතර අවබෝධය හා මිත්‍රත්වය වැඩිදියුණු කිරීමට වැදගත් බලයක් එකතු කර ඇති  ‘Rewi Alley ජීවගුණය’, නව සීලන්ත අගමැතිනිය හමු වූ අවස්ථාවේ දී චීන ජනාධිපතිවරයා විසින් යළිත් අවධාරණය කෙරිණ.

සිව්වැන්න, හතු වගා සහයෝගතාවෙන් බැ‍ඳෙන මිත්‍රත්වයය.

පැපුවා නිව්ගිනියාව චීනයේ හතු වගාව පිළිබඳ ආධාරය ලැබ ඇති ප්‍රථම රට වේ. චීනය හා පැසිෆික් දූපත් රටවල් ගොඩනගා ඇති සහයෝගතා වේදිකා ප්‍රායෝජනයට ගනිමින්, විදුලි බල ජාලය, හතු වගාව හා නියං වී වගා තාක්ෂණය ඇතුළු ආධාර ව්‍යාපෘති මනා ලෙස ක්‍රියාත්මක කළ යුතු යැයි ෂී ජින්පිං ජනාධිපතිවරයා පැපුවා නිව්ගිනියා අග්‍රාමාත්‍යවරයා හමු වූ විට සඳහන් කළේය.

පස්වැන්න, චීන තායි පවුල් ඥාතීත්වයය.

ෂී ජින්පිං මහතා බැංකොක්හි පිහිටි තායි රාජකීය මන්දිරයේදී 18 වන දා රාත්‍රී තායි රජු හා රැජින හමු විය. තායිලන්තය සමග එක්ව ‘චීන තායි පවුල් ඥාතීත්වය’ පිළිබඳ විශේෂ මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කිරීමට චීනය කැමති බව හෙතෙම එහිදී පවසා ඇත. 

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම