වසර පහක් තුළදී ‌රේගු බදු සහ රේගු නොවන බදු ඉවත් කිරීමට රජය අපේක්ෂා කරන බව ජනපති කියයි
2022-11-19 15:40:55
Share with:

කර්මාන්ත හා නිෂ්පාදන තරගකාරීත්වයට මුහුණ දීම සඳහා වෙළෙඳ ගැළපුම් වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ඒ හරහා වසර පහක් තුළදී ‌රේගු බදු සහ රේගු නොවන බදු ඉවත් කිරීමට රජය අපේක්ෂා කරන බවත් රජය ඒ සම්බන්ධයෙන් ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන් විසින් ඊයේ (18) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී සංවිධාන කර තිබූ 2023 අය වැය පසු විපරම් සමුළුව අමතමිනි.

ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමේදී රජයට පමණක් නොව පෞද්ගලික අංශයටද විශාල කාර්ය භාරයක් පැවරී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රජයේ අරමුණ ව්‍යාපාර කිරීම නොව සෞඛ්‍ය, අධ්‍යාපන, සුබසාධන වැනි ජනතා අවශ්‍යතාවන් සපුරාලීම බවද අවධාරණය කළේය.

ව්‍යාපාරය මෙහෙයවිය යුත්තේ පෞද්ගලික අංශය විසින් වන අතර, රජය ඊට කිසිඳු මැදිහත්වීමක් නොකළ යුතු බවද ජනාධිපතිවරයා කීය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම