චීන ජනපති හා තායිලන්ත අගමැති අතර සාකච්ඡා
2022-11-19 18:39:02
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ තායිලන්ත අගමැති Prayuth Chan-ocha මහතා සාකච්ඡාවක් පවත්වති.

එම සාකච්ඡාව අද(19) බැංකොක්හි අගමැති මන්දිරයේ පැවැත්විණ. වඩාත් ස්ථාවර, වඩාත් සමෘද්ධිමත්, වඩාත් තිරසර, පොදු ඉරණමක් සහිත චීන තායි ප්‍රජාවක් ගොඩනගන බවට දෙපාර්ශ්වය එහිදී ප්‍රකාශ කර ඇත.

නව ඓතිහාසික ආරම්භයක සිට, තායිලන්තය සමග ‘චීන තායි පවුල් ඥාතීත්වය’ පිළිබඳ විශේෂ මිත්‍රත්වය විදහා පාමින් ඊට නව අර්ථයන් එකතු කරමින් දෙරටේ ජනතාවට වඩා වැඩි සුබ සෙත ලබා දීමට කටයුතු කිරීමට චීනය කැමති බව ෂී ජින්පිං මහතා එහිදී පැවසීය. දෙපාර්ශ්වය ඥාතීන් සේ නිතර එකිනෙකා සමග ඇසුරු කළ යුතු අතර වැදගත් ප්‍රතිලාභ හා ගැටළු සම්බන්ධයෙන් අඛණ්ඩව එකිනෙකාට සහාය විය යුතු බව ද ඔහු කීය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසය සාර්ථකව පැවැත්වීම හා ෂී ජින්පිං මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්වරයා ලෙස යළි තේරී පත්වීම සම්බන්ධයෙන් Prayuth Chan-ocha මහතා එහිදී සිය උණුසුම් සුබපැතුම් පිරිනැමීය. චීනය සමග උසස් පෙළේ හුවමාරු පුළුල් කරමින් අන්‍යෝන්‍ය විශ්වාසය හා ගරුත්වය තහවුරු කිරීමට තම රට කැමති බව ඔහු ප්‍රකාශ කළේය. තායිලන්තයේ ආයෝජනයන් සඳහා චීන ව්‍යාපාර ප්‍රසාදයෙන් යුතුව පිළිගන්නා බවද තායි අගමැතිවරයා කීය. ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළ ගෝලීය සංවර්ධන මුලපිරුම හා ගෝලීය ආරක්ෂක මුලපිරුමට තායිලන්තයේ අනුබලය හිමි වන බව ද තායි අගමැතිවරයා අවධාරණය කර ඇත.

දෙරටේ නායකයින් ඉදිරියේ ‘චීන තායි උපායමාර්ගික සහයෝගතා පිළිබඳ පොදු ක්‍රියා සැලැස්ම(2022-2026)’, ‘චීනය හා තායිලන්තය එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ සංවර්ධනය පොදුවේ ප්‍රවර්ධනය කිරීම පිළිබඳ සහයෝගතා සැලැස්ම’ ඇතුළු සහයෝගතා ලිපිලේඛනවලට අත්සන් තැබිණ.

අනතුරුව ‘වඩාත් ස්ථාවර, වඩාත් සමෘද්ධිමත්, වඩාත් තිරසර, පොදු ඉරණමක් සහිත චීන තායි ප්‍රජාවක් ගොඩනැගීම පිලිබඳ ඒකාබද්ධ නිවේදනය’ නිකුත් කෙරේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම