චීන ජනපති ආර්යාව තායිලන්තයේ Galyani Vadhana කුමරිය‍ගේ සංගීත කලා ඇකඩමිය නරඹයි
2022-11-19 19:09:37
Share with:

තායිලන්තයේ Galyani Vadhana කුමරිය‍ගේ සංගීත කලා ඇකඩමිය නැරඹීමට චීන ජනපති ආර්යාව එක් වේ

තායිලන්ත අගමැති ආර්යා Naraporn Chan-o-cha මහත්මියගේ ආරාධනාවකට අනුව, තායිලන්තයේ Galyani Vadhana කුමරිය ගේ සංගීත කලා ඇකඩමිය නැරඹීමට චීන ජනාධිපති ආර්යා පන්ග් ලී යුවාන් මහත්මිය එක්වූවාය.

ඇය එම ඇකඩමියේ සංවර්ධන ඉතිහාසය හා විදේශ රටවල් සමඟ පැවති සහයෝගීතා පිළිබඳ ප්‍රදර්ශනය නරඹා ඇත. එම ඇකඩමිය චීන නන්ජිං කලා ඇකඩමිය සමඟ පවත්වන සහයෝගිතා පිළිබඳව ඇය ප්‍රසාදය පළ කළාය. 

Galyani Vadhana කුමරියගේ යෝජනාවකට අනුව ඉදිකෙරුණු එම උසස් පෙළේ සංගීත නිපුණතාවන් පුහුණු කලා ඇකඩමිය පන්ග් ලී යුවාන් මහත්මියගේ ඇගයීමට ලක්විය. එමෙන්ම එම ඇකඩමිය හා චීන විශ්වවිද්‍යාල අතර සහයෝගීතා ප්‍රවර්ධනය කිරීම සඳහා Naraporn Chan-o-cha මහත්මිය දරන උත්සාහයන් ද  ඇය අගය කළාය. 

Galyani Vadhana කුමරියගේ සංගීත ඇකඩමියට චීන සාම්ප්‍රදායික සංගීත භාණ්ඩ හා සංස්කෘතික ග්‍රන්ථ පරිත්‍යාග කළ පන්ග් ලී යුවාන් මහත්මිය තායිලන්ත තරුණයන් චීන සංගීත භාණ්ඩ අධ්‍යයනය කර දෙරටේ සංස්කෘතික හුවමාරු තහවුරු කරනු ඇති බවට ද අපේක්ෂා පළ කළාය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම