ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට චීනය සමග සබඳතා තර කරන බව සර්බියා අගමැතිනිය පවසයි
2022-11-19 16:48:18
Share with:

වසර පහකට පෙර Ana Brnabić මහත්මිය සර්බියාවේ අග්‍රාමාත්‍යවරිය ලෙස තේරීපත් වූවාය. මෙම වසරේ අගෝස්තු මාසයේ ඇය යළිත් එම ධුරයට පත් වූවාය. මේ වන විට නව රජය දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව මතුවූ දැවැන්තම අභියෝගයන්ට මුහුණ පා ඇත. ආහාර හිඟය, බලශක්ති අර්බුදය, උද්ධමනය ඇතුළු ගැටළුවලට මුහුණ දෙන්නේ කෙසේ ද? සර්බියාවේ සංවර්ධන මාර්ගය කෙසේ ද? ඇය චීන මාධ්‍ය සමූහයේ වාර්තාකාරිනියක වන ‍ට්සෝ යුන් මෙනවිය සමග සංවාදයක නිතර වෙමින් එවැනි ප්‍රශ්නවලට පිලිතුරු දුන්නාය.

තම නව ධුර කාලය තුළ දේශපාලන හා ආර්ථිකය අතින් චීනය සමග  හවුල්කාරීත්වය තහවුරු කිරීමට අපේක්ෂා කරන බව Ana Brnabić මහත්මිය කීවාය. යුරෝපා මහාද්වීපයේ පවතින රටක් වශයෙන් යුක්‍රේන අර්බුදයෙන් එල්ලවූ බහුවිධ බලපෑම් රටට දැඩි ලෙස බලපා ඇත. රටේ බලශක්ති ප්‍රතිපත්තිය වඩාත් තිරසර වඩාත් ස්වාධීන ලෙස සකස් කිරීම මෙවර රජයේ ප්‍රමුඛම මෙහෙවර වී ඇත. බලශක්ති මූලාශ්‍ර විවිධත්වය පුළුල් කරමින් ප්‍රතිචක්‍රීයකරණ බලශක්ති වැඩි වශයෙන් යොදා ගැනීමට  කටයුතු කරන බවද ඇය විස්තර කළාය.

රට පුරා ඩිජිටල්කරණය ප්‍රචලිත කිරීම, සර්බියා නව රජයේ තවත් වැදගත් මෙහෙවරක් ලෙස සැලකේ. වසර 10කට පෙර රටේ තොරතුරු කර්මාන්තයෙන් ඉටුවූ වාර්ෂික අපනයන වටිනාකම යුරෝ කෝටි 37.5කි. මෙම වසරේ  එය යුරෝ කෝටි 260ක් දක්වා වැඩි වනු ඇතැයි තක්සේරු කර ඇත. අනතුරුව කෘත්‍රිම බුද්ධි තාක්ෂණය විශාල වශයෙන් සංවර්ධනය කරමින් ජෛව තාක්ෂණය හා ජෛව ඉන්ජිනේරු ක්ෂේත්‍රය අතින් යුරෝපයේ ප්‍රමුඛ ස්ථානයක් දිනා ගැනීමට තම රට වෑයම් දරනු ඇතැයි ද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය. ඒ සඳහා අදාළ ක්ෂේත්‍රවල චීනය සමග වඩාත් සමීප සහයෝගතාවක් පැවැත්වීම සර්බියාවේ බලාපොරොත්තුව යැයිද Ana Brnabić මහත්මිය සඳහන් කළාය. 

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම