චීන හා චිලී ජනාධිපතිවරුන් අතර හමුවක්
2022-11-19 15:13:20
Share with:

චීන ජනාධිපතිවරයා චිලී ජනාධිපතිවරයා හමු වේ.       

ඊයේ (18) චීන ජනාධිපති ෂී ජින්පිං මහතා තායිලන්තයේ බැංකොක් නුවරදී චිලී ජනාධිපති Gabriel Boric Font මහතා හමුවිය.

චිලී රාජ්‍යය සමඟ චීන- චිලී පූර්ණ උපාය මාර්ගික හවුල්කාරිත්ව සබඳතාව අඛණ්ඩව සංවර්ධනය කිරීමට චීනය අපේක්ෂා කරන බව  ෂී ජින්පිං මහතා පැවසීය.

දෙපාර්ශ්වය අන්‍යෝන්‍ය ලෙස ස්ථිර අනුබල දෙමින් දෙරටේ ජනතාව තෝරා ගන්නා සංවර්ධන මාවතට ගරු කළ යුතු බවද ෂී ජින්පිං මහතා අවධාරණය කළේය. චිලී රාජ්‍යයේ විවිධ ක්ෂේත්‍ර සමග මිත්‍රශීලි හුවමාරු තහවුරු කරමින් රාජ්‍ය පරිපාලන අත්දැකීම් හුවමාරු කිරීම ශක්තිමත් කිරීමට චීනය අපේක්ෂා කරයි.එර‍ට සමඟ සංවර්ධන උපාය මාර්ගයන් හරහා ඉහළ ගුණාත්මකභාවයෙන් යුතුව එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල පොදුවේ ගොඩනැගීමට චීනය කටයුතු කරන බව ද ෂී ජින්පිං මහතා පැවසීය.ආර්ථිකය, වෙළඳාම, ආයෝජනය සහ කෘෂිකර්මාන්තය යන ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගීතාව ගැඹුරු කරමින් මහජන සෞඛ්‍යය, පිරිසිදු බලශක්තිය, ඩිජිටල් ආර්ථිකය සහ අනෙකුත් ක්ෂේත්‍රවල සහයෝගීතාවය සඳහා නව ශක්තිය සොයා ගැනීමට චිලී රාජ්‍යය සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේය.

Gabriel Boric Font ජනාධිපතිවරයා පැවසුවේ චිලී රාජ්‍යය ‘එකම චීනය’ ප්‍රතිපත්තිය දැඩි ලෙස අනුගමනය කරන බවයි. ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන චිලී රාජ්‍යය චීනය සමඟ හුවමාරු ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව ද හෙතෙම පැවසීය.‍

චීන හා චිලී ජනාධිපතිවරුන් අතර හමුවක්

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම