
න්‍යෂ්ටික ව්‍යාප්තියේ පැහැදිලි ක්‍රියාවක් වන AUKUS න්‍යෂ්ටික සබ්මැරීන සහයෝගතාවට අදාළ ක්‍රියාකාරකම් ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ අයවැය භාවිත කිරීමට චීනය විරෝධය පළ කරයි.
වියානාහි එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත වන්ග් චුන් මහතා , ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ පාලක මණ්ඩල රැස්වීමකදී කියා සිටියේ AUKUS න්‍යෂ්ටික සබ්මැරීන සහයෝගීතාව ජාත්‍යන්තර න්‍යෂ්ටික නිර්ව්‍යප්තයට බරපතල අභියෝගයක් වන අතර එය නිසි ලෙස ආමන්ත්‍රණය කළ යුතු බවයි.
ඇමරිකාව,බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව AUKUS සන්ධානය පිහිටුවා ගනු ලැබුවේ 2021 වසරේ සැප්තැම්බර් මාසයේදීය.
ඒ යටතේ ඇමරිකාව සහ බ්‍රිතාන්‍යය න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන සතු කර ගැනීම සඳහා ඕස්ට්‍රේලියාවට සහාය වනු ඇත. මෙම ත්‍රෛපාර්ශ්වික ගිවිසුමට සම්බන්ධ න්‍යෂ්ටික අවි ද්‍රව්‍ය මාරු කිරීම සම්බන්ධයෙන් චීනය සහ තවත් බොහෝ රටවල් කිහිප වරක්ම සිය කනස්සල්ල පළ කර ඇත.