චීන ජනපති තායි රජු හමුවෙයි
2022-11-19 11:09:02
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ආර්යාව, තායි  Maha Vajiralongkorn රජු හා Suthida Vajiralongkorn Na Ayudhya රැජින හමු වෙති. එම හමුව ඊයේ(18) රාත්‍රීයේ බැංකොක් හි  තායි රාජකීය මන්දිරයේදී සිදුවිය.

චීනය හා තායිලන්තය, සුහද අසල්වැසියන්, සුහද මිත්‍රයන්, සුහද ඥාතීන් හා සුහද හවුල්කරුවන් බව ෂී ජින්පිං මහතා එහිදී පැවසීය. ‘චීන තායි පවුල් ඥාතීත්වය’ යන සාම්ප්‍රදායික විශේෂ මිත්‍රත්වය තවදුරටත් පුළුල් කිරීමට කැමති චීනය පොදු ඉරණමක් සහිත චීන තායි ප්‍රජාවක් ගොඩනගමින් ද්විපාර්ශ්වික සම්බන්ධතාවේ නව පරිච්ඡේදයක් නිර්මාණය කිරීමට අපේක්ෂා කරන බව ඔහු කියා සිටියේය.

සුවපහසු සමාජයක් චීනයේ බිහි කර ඇති අතර චීන ලක්ෂණයෙන් යුතු නවීකරණයක් ඉදිරියට වර්ධනය වෙමින් පවතී. තායි රජු හා රාජකීය සාමාජිකයින් වැඩියෙන් චීනයේ සංචාරය කිරීමට පිළි ගන්නා බව ෂී ජින්පිං මහතා සඳහන් කළේය. ‘රාජකීය ‍ස්වේච්ඡා ව්‍යාපෘතිය’ ඇතුළු තායි රාජකීය පවුලේ ප්‍රමුඛත්වය යටතේ ක්‍රියාත්මක සමාජ සුබසාධන ව්‍යාපෘතීන්ට චීනය අඛණ්ඩව සහාය වේ. දෙරට අතර සංස්කෘතික, ආධ්‍යාත්මික, සංචාරක හුවමාරු ගැඹුරු කිරීමට චීනය කටයුතු කරන බව ද ඔහු කීය.

ෂී ජින්පිං ජනාධිපතිවරයා රට පාලනය, විශේෂයෙන් දරිද්‍රතාව පිටුදැකීම හා ජන ජීවිතය යහපත් කිරීම අතින් ශ්‍රේෂ්ඨ ජයග්‍රහණ දිනා ගෙන ඇතැයි ද තමා ඒ පිළිබඳව ගෞරවය දක්වන්නේ යැයි ද තායි  Maha Vajiralongkorn රජු එහිදී සඳහන් කළේය. චීනයේ බොහෝ වරක් සංචාරය කළ තමා එරටේ සුන්දරත්වය, ප්‍රාණවත්භාවය හා දියුණු තත්ත්වය සියැසින්ම අත්දැක තිබෙන බව කී හෙතෙම චීනයේ යළි චාරිකාවකට අපේක්ෂා කරන බව ද පැවසීය. චීනය සමග මිත්‍ර බැඳීම තවදුරටත් තහවුරු කිරීමට තම රට කැමති බව ද ඔහු ප්‍රකාශ කර ඇත. 

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම