බ්‍රික්ස් සංවිධාන රාමුව තුළ චීනය ඉටු කරන කාර්යභාරය ඉහළ ඇගයීමට ලක්වෙයි
2022-11-19 19:06:18
Share with:

බ්‍රික්ස් සංවිධාන රාමුව තුළ චීනය ඉටු කරන කාර්යභාරය ඉතා වැදගත් බව බ්‍රික්ස් සංවිධාන නව සංවර්ධන බැංකුවේ අධිපතිවරයා පවසයි.

බ්‍රික්ස් සංවිධාන නව සංවර්ධන බැංකු අධිපති Marcos Troyjo මහතා පසුගියදා චීන මාධ්‍ය සමූහය සමඟ පැවති වි‍ශේෂ සම්මුඛ සාකච්ඡාවකදී මේ බව සඳහන් කළේය.

බ්‍රික්ස් රටවල් පිළිබඳ සංකල්පය 2000 වසරේ දී පමණ යෝජනා කෙරිණ.එවක චීන ආර්ථිකය වත්මන් ආර්ථික පරිමාණයෙන් අටෙන් එකක් පමණ වූ බව හෙතෙම පැවසීය. මේ වන විට චීනය,දළ දේශීය නිෂ්පාදිතයට අනුව, ලෝකයේ දෙවන විශාලතම ආර්ථික ඒකකයයි. බහුතර බ්‍රික්ස් රටවල් සඳහා වඩාත්ම වැදගත් වෙළඳ හවුල්කරුවා වන්නේ චීනය බව Marcos Troyjo මහතා ප්‍රකාශ කළේය.

මීට වසර 20 කට පෙර බ්‍රසීලය හා චීනය අතර වෙළඳ ප්‍රමාණය වසරකට ඇමරිකානු ඩොලර් බිලියනයකි. එහෙත් වර්තමානයේ දී සෑම පැය 60ක කාලයකදී එපමණ වටිනාකමකට ළඟා විය හැකි ය. බ්‍රික්ස් සංවිධාන රටවල සහයෝගීතාව ආර්ථීකය හා වෙළඳාමට පමණක් සීමා නොවේ. පරිසර ,මහජන සෞඛ්‍ය, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මට්ටමේ ද්විපාර්ශ්වික රැස්වීම් රැසක් පැවැත්විණ. නව ආර්ථීක ඒකකයන් අතර සංවාද, ප්‍රතිසංස්කරණය කෙරෙමින් පවතින බව ඉන් පිළිබිඹු කෙරේ. බ්‍රික්ස් සංවිධානය හේතුවෙන් ලෝක අනාගතයටත් මානවයන්ගේ අනාගතයටත් ඉතා වැදගත් රටවල නායකයෝ, සෑම වසරකම හමුවීම් තුනක් හෝ හතරක් සිදු කරති. එවැනි සමීප නිත්‍ය සංවාදයන් ගෙන් තහවුරු කෙරෙන බ්‍රික්ස් පද්ධතිය ගෝලීය සහයෝගීතාවට කේන්ද්‍රීය දායකත්වයක් ලබා දෙන බව Marcos Troyjo මහතා විශ්වාසය පළ කළේය. 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම