6 වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2022-11-19 15:02:50
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා 6 වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනයට සුබ පැතුම් පණිවිඩයක් යොමු කරයි.

චීනය සහ දකුණු ආසියාතික රටවල් මිත්‍රශීලී අසල්වැසියන්, සංවර්ධන හවුල්කරුවන් සහ පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් බව ෂී ජින් පිං මහතා අද (19) යැවූ එම පණිවිඩයේ දැක්වේ. මෑත වසරවල දෙපාර්ශ්වය විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතා ගැඹුරු කර ඇති අතර, වෙළඳ හුවමාරුවල මනා ප්‍රගතියක් අත්කර ගෙන තිබේ. එහි ප්‍රතිඵල අදාළ රටවල ජනතාවට හිමිව ඇත. එම ප්‍රදර්ශන වේදිකාව පදනම්ව විවිධ රටවල් සමඟ සහයෝගීතා ශක්තිමත් කරමින්, “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ උසස් මට්ටමකින් පොදුවේ වර්ධනයට අපේක්ෂා කෙරෙන අතර ගෝලීය සංවර්ධන යෝජනාව ප්‍රවර්ධනය කර වඩාත් සමෘද්ධිමත් අනාගතයක් නිර්මාණය කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව හෙතෙම පැවසීය.

“නව අවස්ථා බෙදාගැනීම, එක්ව නව සංවර්ධනයක් සෙවීම” යන තේමාවෙන් යුත් එම ප්‍රදර්ශනය අද (19) යුන්නාන් පළාතේ කුන්මිං නගරයේදී ආරම්භ විය. චීන වාණිජ අමාත්‍යංශය හා යුන්නාන් රජය එක්ව එය පවත්වයි.


ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම