චීන ජනාධිපතිවරයා හා පැපුවා නිව්ගිනියා අග්‍රාමාත්‍යවරයා අතර හමුව තායිලනතයේ දී
2022-11-19 15:01:49
Share with:

චීන ජනාධිපතිවරයා පැපුවා නිව්ගිනියා අග්‍රාමාත්‍යවරයා හමු වේ.       

ඊයේ (18) චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පැපුවා නිව්ගිනියා අගමැති James Marape මහතා  තායිලන්තයේ බැංකොක් නුවරදී හමුවිය.

පැපුවා නිව්ගිනියාව සමඟ වඩාත් ඉහළ මට්ටමේ මෙන්ම අන්‍යෝන්‍ය ජයග්‍රහණ ලබා ගත හැකි පූර්ණ උපායමාර්ගික හවුල්කාරිත්ව සබඳතාව ගොඩනැගීමට චීනය කැමැත්තෙන් සිටී. චීනය සහ පැසිෆික් දූපත් රටවල් අතර වඩාත් සමීප පොදු ඉරණමක් සහිත සබඳතාව ගොඩනැගීම සඳහා පැපුවා නිව්ගිනියාව සමඟ ප්‍රමුඛ හා ආදර්ශවත් කාර්යභාරයක් ඉටු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවද ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නේය.

පැසිෆික් දූපත් රටවල් සමඟ මිත්‍ර සබඳතා වර්ධනය කිරීමේදී චීනය සමානාත්මතාවය, අන්‍යෝන්‍ය ගරු කිරීම, සහයෝගිතා මගින් පොදු ජයග්‍රහණ ලබා ගැනීම හා විවෘත ආකල්පයන් ගෙන් යුතුව ක්‍රියා කරයි.  එම සම්බන්ධතාවය, තෙවන පාර්ශවයන් ඉලක්ක කර නොගනී. භූදේශපාලනික තරඟයකට එක්වීමට උනන්දුවක් චීනය තුළ නොමැති බවද ෂී ජින්පිං මහතා අවධාරණය කළේය.

පැසිෆික් දූපත් රටවල් සහ චීනය අතර සබඳතා වර්ධනයට දායකවීමට පැපුවා නිව්ගිනියාව කැමැත්තෙන් සිටින බව James Marape එහිදී ප්‍රකාශ කළේය.


ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම