බහුපාර්ශ්වවාදී වෙළඳ පද්ධතිය සහතික කළ යුතු බව චීන ජනාධිපතිවරයා පවසයි
2022-11-19 15:27:33
Share with:

චීන ජනාධිපතිවරයා APEC සංවිධාන නායකයින්ගේ 29 වන නිල නොවන රැස්වීමට එක්වෙමින් යළි කථාවක් සිදු කරයි.

එම රැස්වීම අද තායිලන්තයේ බැංකොක් නුවරයේදී තවදුරටත් පැවැත්වේ.

තිරසර වෙළඳාම හා ආයෝජන පිළිබඳ ප්‍රශ්නය කෙරෙහි එහිදී සාකච්ඡා කෙරිණ. ෂී ජින්පිං මහතා ප්‍රකාශ කළේ නිදහස් විවෘත වෙළඳාම හා අයෝජනය APEC සංවිධානයේ ප්‍රඥප්තිය හා මූලධර්මය බවයි.එමෙන්ම එය 2040 වසරේ APEC සංවිධානයේ Putrajaya ඉදිරිදැක්ම ඉටු කිරීමට වැදගත් අනුබලයකි.සැබෑ බහුපාර්ශ්වවාදය අනුගමනය කරමින් බහුපාර්ශ්වවාදී වෙළඳ පද්ධතිය සහතික කළ යුතු ය. සමතුලිතතාවය මෙන්ම අවබෝධය මගින් පොදු ජයග්‍රහණ ලබා ගැනීම ඉටු කළ යුතු ය.විවෘත ප්‍රාදේශීය සහයෝගිතා පවත්වා ආසියා ශාන්තිකර කලාපයේ සමෘද්ධිය පොදුවේ තහවුරු කළ යුතු බවද ෂී ජින්පිං මහතා එහිදී අවධාරණය කළේය. 

එම රැස්වීමේදී “2022 වසරේ APEC සංවිධානයේ නායකයින්ගේ ප්‍රකාශය”, “ජෛව ප්‍රතිචක්‍රීයකරණ හරිත ආර්ථීකය පිළිබඳ බැංකොක් ඉලක්කය” යන ලිපි එළි දැක්විණ. 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම