යෝජිත නව කාරක සභා දෙකක් පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවට
2022-11-19 15:37:18
Share with:

ජනාධිපතිවරයාගේ  යෝජනාවක් පරිදි ස්ථාපිත කිරීමට නියමිත බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව සහ ආර්ථික ස්ථායිකරණය පිළිබඳ කාරක සභාව යන  විශේෂ කාරක සභා දෙකට  අදාළ ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.


 කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි.

මෙම කාරක සභා දෙකේ, බලතල සහ කාර්යයන් මෙම වාර්තාවට ඇතුළත්  වේ.


ස්ථාවර  නියෝග පිළිබඳ කාරක සභාව 2022 නොවැම්බර් 16 වන දින රැස්වූ අතර එහිදී මෙම කාරක සභා දෙක ස්ථාපිත කිරීම සහ ඊට අදාළ ස්ථාවර නියෝග පිළිවෙළින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 122 සහ 123 වශයෙන් සංශෝධිත ස්ථාවර නියෝගවලට ඇතුළත් කිරීමට තීරණය කෙරිණ. 

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම