චීනය සමග මිත්‍රත්වය සහ චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝව තම රටට සුන්දර අනාගතයක් ලබා දෙනු ඇත-- පාකිස්ථාන අගමැති
2022-11-19 18:38:01
Share with:

තිරසරබව හා අඛණ්ඩතාව චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසයෙන් පැහැදිලිව අවධාරණය කෙරුණු කරුණු දෙකක් බව පාකිස්ථාන අගමැති Shehbaz Sharif මහතා පවසයි.

හෙතෙම චීන මාධ්‍ය සමූහය සමඟ පැවති වි‍ශේෂ සම්මුඛ සාකච්ඡාවකදී මේ බව සඳහන් කළේය. සහයෝගිතාව හා ලෝකයේ පොදු සමෘද්ධියට “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ අවධානය යොමු වන බව හෙතෙම කීය. චීනය, චීනයේ අසල්වැසි රටවල් හා යුරේසියාව, අප්‍රිකාව, දකුණු ආසියාව, ලතින් ඇමරිකාව සහ නැගෙනහිර ආසියාව සම්බන්ධ කරන ලෝක සංවර්ධන යෝජනාවක් වශයෙන්, එම වැඩපිළිවෙල චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ සංවර්ධන අභිලාෂයේ දීප්තිමත් ම අංගයකි. පාකිස්ථානය අදාළ ව්‍යාපෘතියට එක්වූ පළමු රටවලින් එකක් වීම සතුට  ගෙන දෙන දෙයක් බව Shehbaz Sharif මහතා පැවසීය. එම ව්‍යාපෘති වේගයෙන් පාකිස්ථානය තුළ ක්‍රියාත්මක කිරීමෙන් ගෝලීයකරණයේ වැදගත්කම පැහැදිලිව පිළිබිඹු කෙරෙන බව හෙතෙම අවධාරණය කළේය.

චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝව “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළේ ප්‍රමුඛතම ව්‍යාපෘතියක් වන අතර එහි ආයෝජන පරිමාණය ඇමරිකානු ඩොලර් බිලියන 30ක් දක්වා ළඟා වී ඇත‍. එය පාකිස්ථාන ආර්ථික සංවර්ධනයට විශාල ශක්තියක් ලබා දී ඇති බව Shehbaz Sharif මහතා සඳහන් කළේය‍. බලශක්ති හා යටිතල පහසුකම් අදාළ සහයෝගීතාවන්ට ඇතුළත් වේ. එය පාකිස්ථානයට රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් සපයා ඇති අතර සංවර්ධනය සහ සමෘද්ධිය  ළඟා කර ගැනීමට ද උපකාරී වී ඇත. චීනය සමග මිත්‍රත්වය සහ චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝව පාකිස්ථානයට වඩා සුන්දර අනාගතයක් ලබා දෙනු ඇතැයි හෙතෙම විශ්වාස පළ කළේය.


ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම