තායිලන්ත ජාතික කලා කෞතුකාගාරයක් නැරඹීමට චීන ජනපති ආර්යාව එක් වේ
2022-11-18 18:51:49
Share with:

තායිලන්ත අගමැති ආර්යා Naraporn Chan-o-cha මහත්මියගේ ආරාධනාවට අනුව, Phra Nakhon Si Ayutthaya හි රාජධානියේ කලා කෞතුකාගාරය නැරඹීමට චීන ජනාධිපති ආර්යා පන්ග් ලී යුවාන් මහත්මිය හා APEC සංවිධාන නායකයින්ගේ 29 වන නිල නොවන රැස්වීමට සහභාගි වන නායකයන් හා නියෝජිතයන්ගේ කලත්‍රයෝ එක්වෙති.

එම නැරඹීමේදී පන්ග් ලී යුවාන් මහත්මිය තායි ශිල්පීන්ගේ ශිල්පීය කුසලතාව අගය කළාය. එම කෞතුකාගාරයේ අලෙවි කෙරෙන පාසැල් අධ්‍යාපනයට අවස්ථා නොමැති ළමුන්, රාජකීය මාලිගාවේ ශිල්පී‍ය පුහුණුව ලබා සිදුකරන අත්කම්  නිර්මාණ  දුටු විට, තායි රාජකීය පවුලේ දරිද්‍රතාවය පිටුදැකීමේ ව්‍යාපෘතියට ආධාර කිරීම සඳහා පන්ග් ලී යුවාන් මහත්මියට ඒවා මිලදී ගැනීමේ ආසාවක් ඇති වූවාය. එහිදී නෙළුම් ඉටිපන්දමක් පන්ග් ලී යුවාන් මහත්මියගේ අවධානයට ලක් විය. චීන ජනතාව නෙළුම් මල් වලට විශේෂ ඇල්මක් දක්වන අතර නෙළුම්වල පිරිසිදු හා උතුම් ගුණාංග අගය කරන බව පන්ග් ලී යුවාන් මහත්මිය කීවාය. තායිලන්ත අගමැති ආර්යාව ද එය අනුමත කරමින් පැවසුවේ නෙළුම් යනු තායි වැසියන් බුදුන් වැඳීමට භාවිත කරන පුෂ්පයක් බවයි. චීන සහ තායි ජනතාවගේ වටිනාකම්වල සමානකම් ඉන් පැහැදිලිව පිළිබිඹු කෙරෙන බව පන්ග් ලී යුවාන් මහත්මිය එහිදී ප්‍රකාශ කළාය.


ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම