කලාපීය සහයෝගතාවේ නිවැරදි වර්ධන දිශානතිය සහතික කළ යුතු බව චීන ජනපති අවධාරණය කරයි
2022-11-18 14:43:32
Share with:

පොදු ඉරණමක් සහිත, එකිනෙකට සහාය වන ආසියා ශාන්තිකර කලාපයක් ගොඩනැගීමෙහි එල්බ සිටිය යුතු බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පෙන්වා දෙයි.

ඔහු එසේ කියා සිටියේ APEC සංවිධානයේ නායකයින්ගේ 29 වන නිල නොවන රැස්වීම අමතමිනි. කලාපීය සහයෝගතාවන්හි APEC සංවිධානයේ ප්‍රධාන මෙහෙවර ඉටු කරමින් කලාපීය සහයෝගතාවේ නිවැරදි වර්ධන දිශානතිය ද සහතික කළ යුතුය. තම සංවිධානයේ මූලික පරමාර්ථය අනුගමනය කරමින්, අන්‍යෝන්‍ය විශ්වාසී, සහයෝගතා, පොදු ජය දිනා ගන්නා ආසියා ශාන්තකර හවුල්කාරීත්වයක් අඛණ්ඩව තහවුරු කළ යුතු බව ද ඔහු කියා සිටියේය.

වඩාත් වැඩි පරාසයක් තුළ, වඩාත් පුළුල් ක්ෂේත්‍රවලින් ආවරණිත, වඩාත් ගැඹුරු විවෘතභාවය චීනයේ ක්‍රියාත්මක වනු ඇත. චීන ලක්ෂණයෙන් යුතු නවීකරණ මාර්ගය මත, චීනය ඉහල මට්ටමේ විවෘත ආර්ථික ක්‍රමවේදය ක්‍රියාත්මක කරමින් ලෝකය, විශේෂයෙන් ආසියා ශාන්තිකර කලාපය සමග අඛණ්ඩව සිය සංවර්ධන අවස්ථා බෙදා ගැනීමට කැමති බව ද ෂී ජින්පිං මහතා ප්‍රකාශ කර ඇත. 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම