ආසියා ශාන්තිකර කලාපයේ ඒකාබද්ධ සංවර්ධනය ප්‍රවර්ධනය කළ යුතු බව චීන ජනපති කියයි
2022-11-18 15:08:43
Share with:

විවෘත අදහසින් යුතුව පොදු සමෘද්ධිමත් ආසියා ශාන්තිකර කලාපයක් ගොඩනගන බව චීන ජනපති කියයි.

අද (18)පැවති APEC සංවිධානයේ නායකයින්ගේ 29 වන නිල නොවන රැස්වීම අමතමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා මෙම අදහස් පළ කළේය.

විවෘත ප්‍රාදේශිකවාදය අනුගමනය කරමින් සාර්ව ආර්ථීක ප්‍රතිපත්තිමය සම්බන්ධීකරණය තහවුරු කර වඩාත් සමීප කලාපීය කර්මාන්ත දාමයක් හා සැපයුම් දාමයක් බිහිකළ යුතු ය. වෙළඳ හා ආයෝජන නිදහස්කරණය හා පහසුකරණය ඉදිරියට ගෙන යමින් කලාපීය ආර්ථීක ඒකීකරණ ක්‍රියාදාමය ස්ථිර ව ප්‍රවර්ධනය කරමින් හැකි ඉක්මණින් ඉහළ මට්ටමේ ආසියා ශාන්තිකර නිදහස් වෙළඳ කලාපය ගොඩනැගිය යුතු බවද ෂී ජින්පිං මහතා අවධාරණය කළේය. ඒ ඒ පාර්ශ්වයන් සමග ‘කලාපීය ආර්ථික හවුල්කාරී සබඳතා ගිවිසුම’ පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමට චීනය කැමැත්තෙන් සිටී. ‘අන්තර් පැසිෆික් හවුල්කාරීත්වය සඳහා වන පරිපූර්ණ හා ප්‍රගතිශීලි ගිවිසුම’ සහ ‘ඩිජිටල් ආර්ථික හවුල්කාරීත්ව සබඳතා ගිවිසුම’ යන ගිවිසුම්වලට එක්වීමට අඛණ්ඩව උත්සාහ දරන චීනය කලාපීය ඒකාබද්ධ සංවර්ධනය ප්‍රවර්ධනයට ක්‍රියා කරනු ඇති බවද  ෂී ජින්පිං මහතා පැවසීය. ආසියා ශාන්තිකර කලාපීය හා ගෝලීය සංවර්ධනය හා සමෘද්ධියට නව ශක්තිය එකතු කිරීමේ අරමුණෙන් යුක්තව, එළඹෙන වසරේ දී තුන්වන එක් තීරයක් එක් මාවතක්  ජාත්‍යන්තර සහයෝගිතා නායක සාකච්ඡා මණ්ඩපය පැවැත්වීමට චීනය සැලසුම් කරන බව ද හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම