චීන ජනාධිපතිවරයා රාජ්‍ය නායකයන් රැසක් සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පවත්වයි
2022-11-18 19:19:49
Share with:

වසර 11කට පසුව ෂී ජින්පිං මහතා යළි වරක් තායිලන්තයට පැමිණ සිටියි. මෙවර සංචාරය තුළදී චීන ජනාධිපතිවරයා එපෙක් සංවිධාන නායකයින්ගේ 29වන නිල නොවන රැස්වීමට එක්වන අතර තායිලන්තයේ නිල චාරිකාවක ද නිරත වෙයි.

17වනදා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ආරාධනාවකට අනුව‘මූලික පරමාර්ථයෙහි එල්බ සිට සංවර්ධනය පොදුවේ ප්‍රවර්ධනය කරමින් ආසියා ශාන්තිකර කලාපීය සහයෝගතාවේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීම’ මැයෙන් ලිඛිත දේශනයක් පළ කළේය. ඒ මෙම වසරේ APEC සංවිධානයේ කර්මාන්ත හා වාණිජ නායකයින්ගේ රැස්වීම වෙනුවෙනි.

එම දිනයේ සන්ධ්‍යාවේ ෂී ජින්පිං ජනාධිපතිවරයා බැංකොක්හි එපෙක් සංවිධානයේ රැස්වීම සඳහා පැමිණ සිටින තවත් විදේශ නායකයන් තුන් දෙනෙකු හමු විය.

පිලිපීන ජනාධිපති Ferdinand Marcos මහතා සමග හමුවීමේදී නායක දෙපළ දකුණු චීන මුහුදු ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කළහ. දෙපාර්ශ්වය සුහද සංවාද මගින් මතභේද නිසි ලෙස පාලනය කළ යුතු බව ෂී ජින්පිං මහතා පැවසීය.

අනතුරුව හෙතෙම සිංගප්පූරු අගමැති Lee Hsien Loong මහතා හමු විය. ඉහල ගුණාංගය යන්න, චීන සිංගප්පූරු සහයෝගතාවේ කැපී පෙනෙනම ලක්ෂණයක් ලෙස සලකා සහයෝගතා පැවැත්විය හැකි යැයි ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. 

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ ජපාන අගමැති ධුරයට පත්වූ Fumio Kishida මහතා සමග ද චීන ජනාධිපතිවරයා හමුවක් පැවැත්වීය. මෙය නායකයන් දෙදෙනා අතර සිදුවූ ප්‍රථම හමුව බවට පත්වීම විශේෂත්වයයි.

අවංකත්වයෙන් සැලකීම, විශ්වාසයෙන් ඇසුරුකිරීම, ‍චීන ජපාන සිව්වැදෑරුම් දේශපාලන ලිපිලේඛන අනුගමනය කිරීම පිළිබඳ මූලධර්මය මත, ඓතිහාසික පාඩම් අධ්‍යයනය කරමින් එකිනෙකාගේ සංවර්ධනය විෂය මූලිකව සැලකිය යුතු බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දී තිබේ. ‘අන්‍යෝන්‍ය  හවුල්කරුවන් ලෙස සලකමින් එකිනෙකාට තර්ජනයක්  නොවීම’ පිළිබඳ දේශපාලන එකඟතාවන් දෙපාර්ශ්වය ප්‍රතිපත්තිමය වශයෙන් ක්‍රියාත්මක කළ යුතු යැයි ද ඔහු පැවසීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම