චීන ජනපති APEC සංවිධාන නායකයින්ගේ 29 වන නිල නොවන රැස්වීම අමතයි
2022-11-18 19:31:48
Share with:

ජාත්‍යන්තර සාධාරණත්වය හා යුක්තිය සහතික කරමින් සාමකාමී හා ස්ථාවර ආසියා ශාන්තිකර කලාපයක් ගොඩනගන බව චීන ජනපති කියයි.

අද (18) APEC සංවිධාන නායකයින්ගේ 29 වන නිල නොවන රැස්වීමට එක්වූ  චීන ජනාධිපති ෂී ජින්පිං මහතා දේශනයක් කරමින් මේ බව ප්‍රකාශ කළේය.

පොදු ඉරණමක් සහිත ආසියා ශාන්තිකර කලාපීය සබඳතාව ගොඩනගා කලාපීය සහයෝගීතාවේ නව ජයග්‍රහණ යළි දිනා ගන්නා ලෙස හෙතෙම ඒ ඒ පාර්ශ්වයන් ගෙන් ඉල්ලා සිටී. 

ඒ ඒ රටවල ස්වාධිපත්‍ය හා භෞමික අඛණ්ඩාව‍ට ගරු කරමින් වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදහත් නොවී, ඒ ඒ රටවල ජනතාව තෝරා ගත් සිය රටට උචිත සංවර්ධන මාර්ගය හා සමාජ පද්ධතියට ද ගරු කළ යුතු ය. ආරක්ෂාවට අදාළ නිසි අවශ්‍යතාවන් වැදගත් කොට සලකා සාකච්ඡා මගින් සාමකාමී ක්‍රියාවන් මත රටවල් අතර පවතින මතභේදයන් හා ගැටළු විසඳා ගත යුතු ය.ගෝලීය පරිපාලනයට සක්‍රීය ලෙස එක්වෙමින් ජාත්‍යන්තර පටිපාටිය වඩාත් සාධාරණ හා නිසි දිශාව කරා ඉදිරියට ගෙන යා යුතු බවද ෂී ජින්පිං මහතා පවසා ඇත. 

විවෘත ප්‍රාදේශිකවාදය අනුගමනය කරමින් සාර්ව ආර්ථීක ප්‍රතිපත්තිමය සම්බන්ධීකරණය තහවුරු කර වඩාත් සමීප කලාපීය කර්මාන්ත දාමයක් හා සැපයුම් දාමයක් බිහිකළ යුතු ය. වෙළඳ හා ආයෝජන නිදහස්කරණය හා පහසුකරණය ඉදිරියට ගෙන යමින් කලාපීය ආර්ථීක ඒකීකරණ ක්‍රියාදාමය ස්ථිර ව ප්‍රවර්ධනය කරමින් හැකි ඉක්මණින් ඉහළ මට්ටමේ ආසියා ශාන්තිකර නිදහස් වෙළඳ කලාපය ගොඩනැගිය යුතු බවද ෂී ජින්පිං මහතා අවධාරණය කළේය. ආසියා ශාන්තිකර කලාපීය හා ගෝලීය සංවර්ධනය හා සමෘද්ධියට නව ශක්තිය එකතු කිරීමේ අරමුණෙන් යුක්තව, එළඹෙන වසරේ දී තුන්වන එක් තීරයක් එක් මාවතක්  ජාත්‍යන්තර සහයෝගිතා නායක සාකච්ඡා මණ්ඩපය පැවැත්වීමට චීනය සැලසුම් කරන බව ද හෙතෙම පැවසීය.

පොදු ඉරණමක් සහිත, එකිනෙකට සහාය වන ආසියා ශාන්තිකර කලාපයක් ගොඩනැගීමෙහි එල්බ සිටිය යුතු බව ෂී ජින්පිං මහතා පෙන්වා දෙයි. වඩාත් වැඩි පරාසයක් තුළ, වඩාත් පුළුල් ක්ෂේත්‍රවලින් ආවරණිත, වඩාත් ගැඹුරු විවෘතභාවය චීනයේ ක්‍රියාත්මක වනු ඇත. චීන ලක්ෂණයෙන් යුතු නවීකරණ මාර්ගය මත, චීනය ඉහල මට්ටමේ විවෘත ආර්ථික ක්‍රමවේදය ක්‍රියාත්මක කරමින් ලෝකය, විශේෂයෙන් ආසියා ශාන්තිකර කලාපය සමග අඛණ්ඩව සිය සංවර්ධන අවස්ථා බෙදා ගැනීමට කැමති බව ද ෂී ජින්පිං මහතා ප්‍රකාශ කර ඇත. 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම