ගෝලීය සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේදී චීනය ආදර්ශයක් ලබා දී ඇති බව බොහෝ රටවල් විශ්වාස කරයි
2022-11-18 10:10:00
Share with:

ජී 20 කණ්ඩායම් නායක සමුළුවේ  සිය දේශනයේදී චීන ජනාධිපති ෂී ජීන් පීං මහතා පැවසුවේ ගෝලීය සංවර්ධනයේ දිගුකාලීන ඉලක්කය සහ ප්‍රායෝගික අවශ්‍යතා මනසේ තබා ගනිමින් ලෝකයේ සියලුම රටවල පොදු සංවර්ධනය සහ ප්‍රගතිය ඉදිරියට ප්‍රවර්ධන කළ යුතු බවය.එක් තීරයක් එක් මාවතක් මුලපිරීම තුළින් චීනය ආදර්ශයක් වෙමින් ගෝලීය සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට පෙරමුණ ගෙන ඇති බව බොහෝ රටවල පිරිස් සඳහන් කරති .

   

එක් තීරයක් එක් මාවතක් මුලපිරීමේ අරමුණු මෙය බව ආර්ථික සංවර්ධන සහ විදේශ වෙළඳාම සඳහාවන ජර්මානු ෆෙඩරල් සංගමයේ සභාපති Michael Schumann මහතා ප්‍රකාශ කර තිබේ.ගෝලීය පාලනය සඳහා චීනය දක්වන දායකත්වය වෙනුවෙන් ලෝකය ස්තූතිය පුද කළයතු බව ද හෙතෙම කියා සිටී.

ජනපති ෂී ජීන් පීං මහතාගේ දේශනය ගැන තමා බෙහෙවින් පැහැදී සිටින බව පවසන ඉන්දුනීසියාවේ සන්නිවේදන හා තොරතුරු අමාත්‍යාංශ නිලධාරියෙකු වන උස්මාන් කයිසන් මහතා වත්මන් ලෝකයේ ආර්ථික, භූ දේශපාලනික, සෞඛ්‍ය සහ වෙනත් ක්ෂේත්‍රවල ගැටලු විසඳීමට චීනයට විශාල කාර්යභාරයක් ඉටු කිරීමට හැකිවෙතැයි  විශ්වාස පල කළේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම