ද්විපාර්ශ්වික සම්බන්ධතා වර්ධනය වෙනුවෙන් චීනය හා ජපානය අතර එකඟතාවන් රැසක්
2022-11-18 10:50:42
Share with:

ද්විපාර්ශ්වික සම්බන්ධතා වර්ධනය වෙනුවෙන් චීනය හා ජපානය එකඟතාවන් රැසකට පැමිණේ.

චීන ජනාධිපතිවරයා සහ ජපාන අග්‍රාමාත්‍යවරයා අතර තායිලන්තයේ බැංකොක් නුවරදී පැවති සාකච්ඡාවලදී එම එකඟතාවන්ට එළඹින.

චීන-ජපාන සම්බන්ධතාවේ වැදගත්කම වෙනස් වී නොමැති අතර එය අනාගතයේ දී ද වෙනස් නොවනු ඇති බව දෙපාර්ශ්වයේ මතය වී තිබේ. දෙරට නව වටයේ ඉහළ පෙළේ ආර්ථික සංවාද පැවැත්වීම, මුහුදේ හා ගුවනේ ආරක්ෂක කටයුතු පිළිබඳ සෘජු සම්බන්ධීකරණ දුරකථන ඇමතුම් සේවයක් ආරම්භ කිරීම, මෙම වසරට යෙදෙන ද්විපාර්ශ්වික රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා සාමාන්‍යකරණය කිරීමේ 50වැනි සංවත්සරය නිමිති කරගෙන දෙරටේ රාජ්‍ය , දේශපාලන පක්ෂ , පාර්ලිමේන්තු ,ප්‍රාදේශීය මට්ටමින් හා තරුණයන් අතර හුවමාරු පැවැත්වීමට එකඟතාව පළවී තිබේ. එමෙන් ම චීනය හා ජපානය ජාත්‍යන්තර හා කලාපීය සාමය හා සමෘද්ධිය ආරක්ෂා කිරීමේ වගකීම් දරමින් ගෝලීය අභියෝගවලට මුහුණ දිය යුතු බවට ද අවධාරණය කෙරිණ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම