පිරිසිදු හා සුන්දර ආසියා ශාන්තිකර කලාපයක් ගොඩනැගීමට චීන ජනපතිගෙන් උපදෙස්
2022-11-18 15:23:21
Share with:

අඩු කාබන් හරිත සංවර්ධනයට අනුගතවෙමින් පිරිසිදු හා සුන්දර ආසියා ශාන්තිකර කලාපයක් ගොඩනැගිය යුතු බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා APEC සංවිධානයේ නායකයින්ගේ 29 වන නිල නොවන රැස්වීමේදී අවධාරණය කරයි.

ආර්ථික හා තාක්ෂණික සහයෝගීතාව ශක්තිමත් කිරීම, ඩිජිටල්කරණ සහ හරිතකරණ සම්බන්ධීකරණය වේගවත් කිරීම, බලශක්ති සම්පත්, කාර්මික ව්‍යුහය සහ පරිභෝජන ව්‍යුහය පරිවර්තනය කිරීම සහ හරිත ආර්ථික හා සමාජ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සිදු කළ යුතු බව ෂී ජින්පිං මහතා අද (18) එම රැස්වීමේදී පැවසීය.

පාරිසරික ආරක්ෂාව සහ ආර්ථික සංවර්ධනය ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම වසරේ ජෛව චක්‍රීයකරණ හරිත ආර්ථික බැංකොක් ඉලක්කය ඒකාබද්ධව සකස් කර ඇති බව හෙතෙම කීය. එම ඉලක්කය ඉටු කිරීම සඳහා චීනය සහාය ලබා දෙනු ඇති අතර, ගෝලීය සංවර්ධන යෝජනාවට සක්‍රීයව සහභාගී වීමට ආසියා-ශාන්තිකර රටවල් සාදරයෙන් පිළිගන්නා බව ෂී ජින්පිං මහතා ‍සඳහන් කළේය.


ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම