නව ආසියා ශාන්තිකර ආශ්චර්යයක් බිහි කිරීමට චීනයෙන් සිව්වැදෑරුම් යෝජනාවලියක්
2022-11-18 20:38:48
Share with:

APEC සංවිධාන නායකයින්ගේ 29වන නිල නොවන රැස්වීමට එක් වූ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(18) වැදගත් දේශනයක් සිදු කළේය. පොදු ඉරණමක් සහිත ආසියා ශාන්තිකර ප්‍රජාවක් ගොඩනැගීම පිළිබඳව ඔහු එහිදී සිව්වැදෑරුම් යෝජනාවලියක් ඉදිරිපත් කළේය.

වර්තමානයේ කොරොනා වසංගතයේ බලපෑම්  වරින් වර මතු වන අතර ඒකපාර්ශ්වවාදය හා ආරක්ෂණවාදයේ හිස එසවීම ද මානව සංවර්ධනය මුහුණ පාන දැවැන්ත අභියෝගයන් වේ. ලෝකය ගමන් කරන්නේ කවර දිශාවක් කරා ද? ආසියා ශාන්තිකර කලාපය සිදු කළ යුත්තේ කවරක් ද යන ප්‍රශ්ණ මතු වී තිබේ.

‘ජාත්‍යන්තර සාධාරණත්වය හා යුක්තිය සහතික කරමින් සාමකාමී ස්ථාවර ආසියා ශාන්තිකර කලාපයක් ගොඩනැගීම’ ‘විවෘත, සහයෝගතා සංකල්පයෙහි එල්බ සිට පොදු පොහොසත්කමෙන් යුතු කලාපයක් සංවර්ධනය කිරීම’ ‘අඩු කාබන් හරිත සංකල්පයට අනුගතව පවිත්‍ර සුන්දර කලාපයක් ඉදි කිරීම’ ‘පොදු ඉරණමක් බෙදා ගන්නා, එකිනෙකාට සහාය වන ආසියා ශාන්තිකර කලාපයක් බිහි කිරීම’ , ෂී ජින්පිං මහතා ඉදිරිපත් කළ එම සිව්වැදෑරුම් යෝජනාවලියේ ප්‍රධාන කරුණුය. එවන් යෝජනාවලියක් මගින් එම ප්‍රශ්නවලට පැහැදිලි පිලිතුරු ලබා දී තිබේ.

APEC සංවිධානයේ වැදගත් සාමාජිකයෙකු වශයෙන්, චීනයේ සංවර්ධනයට  ආසියා ශාන්තිකර කලාපයෙන් වාසි සැලසිණ. එසේම චීනය එම කලාපයට ප්‍රතිලාභ සැලසීමට කැමැත්තෙන් පසු වේ. වසර 2020 වන විට චීනය හා APEC සාමාජිකයින් අතර වෙළඳ ධාරිතාව ඇ.ඩො. ට්‍රිලියන 2.87ක් දක්වා ඉහල ගොස් තිබිණ. මෑතකදී අත්හදා බැලීම් වශයෙන් සාර්ථකව ධාවනය ආරම්භ කෙරුණු Jakarta-Bandung අධිවේගී දුම්රිය මාර්ගය, භාවිතයට ලක්වූ චීන ලාඕස භාණ්ඩ ප්‍රවාහන දුම්රිය මධ්‍යස්ථාන, චීන ව්‍යාපාරවල ආයෝජන යටතේ ඉදි කෙරුණු කාම්බෝජයේ ස්වර්ණමය වරාය අධිවේගී මාර්ගය ඊට තවත් නිදසුන්ය. එවන් එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක යටිතල පහසුකම් සංවර්ධනය මගින්, කලාපීය සන්නිවේදන හා ගමනාගමන මට්ටම බොහෝ දුරට ඉහල නංවා තිබේ.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම