සාමකාමී හා ස්ථාවර ආසියා ශාන්තිකර කලාපයක් ගොඩනගන බව චීන ජනපති කියයි
2022-11-18 14:30:53
Share with:

ජාත්‍යන්තර සාධාරණත්වය හා යුක්තිය සහතික කරමින් සාමකාමී හා ස්ථාවර ආසියා ශාන්තිකර කලාපයක් ගොඩනගන බව චීන ජනපති කියයි.

අද (18) APEC සංවිධාන නායකයින්ගේ 29 වන නිල නොවන රැස්වීමට එක්වූ  චීන ජනාධිපති ෂී ජින්පිං මහතා දේශනයක් කරමින් මේ බව ප්‍රකාශ කළේය.

පොදු ඉරණමක් සහිත ආසියා ශාන්තිකර කලාපීය සබඳතාව ගොඩනගා කලාපීය සහයෝගීතාවේ නව ජයග්‍රහණ යළි දිනා ගන්නා ලෙස හෙතෙම ඒ ඒ පාර්ශ්වයන් ගෙන් ඉල්ලා සිටී. ගත වූ දශක කිහිපයක කාලය තුළ, එම කලාපයේ ආර්ථීකය වේගයෙන් වර්ධනය වීමේ හේතු සාමය හා ස්ථාවර පරිසරයකි. අන්‍යෝන්‍ය වශයෙන් ගරු කරමින් සමගිය හා සහයෝගීතාවෙන් කටයුතු කිරීම හා විවිධ කරුණුවලදී ඒ ඒ පාර්ශ්වයන් එක්ව සාකච්ඡා පවත්වා බහුතර එකඟතාවන් සොයා ගැනීමේ පදනම මත කටයුතු කිරීම අප ඉගෙන ගත් වැදගත් අත්දැකීමකි. එසේම පොදු, සංයුක්ති, සහයෝගිතා, තිරසර ආරක්ෂක සංකල්පය ස්ථිරව අනුගමනය කළ යුතු ය. 

ඒ ඒ රටවල ස්වාධිපත්‍ය හා භෞමික අඛණ්ඩාව‍ට ගරු කරමින් වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදහත් නොවී, ඒ ඒ රටවල ජනතාව තෝරා ගත් සිය රටට උචිත සංවර්ධන මාර්ගය හා සමාජ පද්ධතියට ද ගරු කළ යුතු ය. ආරක්ෂාවට අදාළ නිසි අවශ්‍යතාවන් වැදගත් කොට සලකා සාකච්ඡා මගින් සාමකාමී ක්‍රියාවන් මත රටවල් අතර පවතින මතභේදයන් හා ගැටළු විසඳා ගත යුතු ය.ගෝලීය පරිපාලනයට සක්‍රීය ලෙස එක්වෙමින් ජාත්‍යන්තර පටිපාටිය වඩාත් සාධාරණ හා නිසි දිශාව කරා ඉදිරියට ගෙන යා යුතු බවද ෂී ජින්පිං මහතා පවසා ඇත.  

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම