චීන ව්‍යවසායන්හී බ්‍රිතාන්‍ය ආයෝජන හා සහයෝගතාවන්ට බ්‍රිතාන්‍ය රජය මැදිහත්වීම සම්බන්ධයෙන් චීනයේ දැඩි විරෝධය
2022-11-18 18:30:18
Share with:

චීන ව්‍යවසාය බ්‍රිතාන්‍යයේ සිදු කරන විධිමත් ආයෝජන හා සහයෝගතාවන්ට බ්‍රිතාන්‍ය රජය මැදිහත්වීම සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළ කරයි.

චීන විද්‍යා තාක්ෂණික සමාගමක් බ්‍රිතාන්‍යයේ විශාලතම අර්ධ සන්නායක නිෂ්පාදන ව්‍යාපාරයක් මිලට ගැනීම අවසන් කර වසරකට වැඩි කාලයකට පසුව, ජාතික ආරක්ෂාව හේතු කොට ගෙන බ්‍රිතාන්‍යය රජය, එම මිලදී ගැනීම අහෝසි කරන ලෙස චීන සමාගමෙන් ඉල්ලා ඇත. මේ පිළිබඳව අද(18) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නවලට පිලිතුරු දෙමින් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය චීන රජයේ දැඩි විරෝධතා පළ කළාය.

බ්‍රිතාන්‍ය පාර්ශ්වය ජාතික ආරක්ෂක සංකල්පය හා ජාතික බලය අයුතු ලෙස යොදා ගනිමින් චීන ව්‍යාපාර එරට සිදු කරන විධිමත් ආයෝජන හා සහයෝගතාවන්ට ඍජු ලෙස බලපෑම් එල්ල කර ඇත. ඉන් අදාල ව්‍යාපාරයේ නිත්‍යනුකූල අයිතිය උල්ලංඝනය වී ඇත. එය බ්‍රිතාන්‍යය විසින් සෑම විටම ප්‍රචාරය කරන, වෙළඳපොල ආර්ථික මූලධර්මය හා ජාත්‍යන්තර වෙළඳ උපමානයන්ට පටහැනි බව ද ඇය පැවසුවාය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම