බැංකු පොළී අනුපාත ඉහළ දැමීම හේතුවෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීමට කටයුතු කරන ලෙසට බැංකුවලට උපදෙස්
2022-11-18 15:32:16
Share with:

ලබා ගත් ණය සඳහා බැංකු පොළී අනුපාත ඉහළ දැමීම හේතුවෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීමට කටයුතු කරන ලෙස බැංකුවලට උපදෙස් ලබා දුන් බව මහ බැංකු අධිපතිවරයා පවසයි.

පසුගිය කාලය තුළ විචල්‍ය පොළී අනුපාත යටතේ ලබා ගත් ණය සඳහා අය කරන පොළී අනුපාත ඉහළ දැමීමෙන් අපහසුතාවට පත් වූ ගණුදෙනුකරුවන්ට බැංකුව සමග සාකච්ඡා කර සහනයක් ලබා ගත හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය හා ෂෙහාන් සේමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මහ බැංකු අධිපතිවරයා මේ බව පවසා ඇත.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම