සාමය හා ස්ථාවරත්වය චීන ජනතාවගේ ඉහළම අපේක්ෂාවයි
2022-11-18 18:27:56
Share with:

සාමය හා ස්ථාවරත්වය චීන ජනතාවගේ ඉහළම අපේක්ෂාව බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(18) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළාය. සාමකාමී සංවර්ධන මාර්ගය ඔස්සේ ඉදිරියට යාම චීන ජනතාවගේ මූලික ජයග්‍රහණ මගින් තීරණය කෙරුණු උපාය මාර්ගික තෝරා ගැනීමක් බව ඇය සඳහන් කළාය. පෙරට වඩා ශක්තිමත් වන චීනය වෙනත් රටවලට අභියෝගයක් හෝ තර්ජනයක් විය හැකි බවට ඇතැම් මාධ්‍ය ප්‍රචාරය කර ති‍බිණ.මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Mao Ning මහත්මිය සඳහන් කළේ චීන ප්‍රතිපත්තිය ඉහළ මට්ටමේ තිරසරභාවයක පවතින බවයි.ලෝක සාමය ගොඩනැගීමට දායකවන්නෙකු, ජාත්‍යන්තර පද්ධතියේ ස්ථිර ආරක්ෂකයෙකු මෙන්ම ගෝලීය සංවර්ධනයේ හවුල්කරුවෙකු ලෙස චීනය සෑමවිටම ක්‍රියා කරන බව ද ඇය පැවසුවාය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම