චීනය හා සිංගප්පූරුව අතර සබදතා පුළුල් කෙරේ
2022-11-18 11:18:02
Share with:

චීන ජනාධිපතිවරයා හා සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා හමු වෙති.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හා සිංගප්පූරු අග්‍රාමාත්‍ය Lee Hsien Loong මහතා ඊයේ(17) Bangkok හි දී හමු වූහ. සිංග්පූරුව සමග සමීප උසස්‍ පෙළේ හුවමාරු පැවැත්වීමට චීනය කැමැත්තෙන් සිටින බව එම හමුවේදී ෂී ජින් පිං මහතා පැවසීය. නව සංවර්ධන ආකෘතියක් ගොඩනැගීමේ චීනයේ වෑයමට සිංගප්පූරුව ගැඹුරු ලෙස එක් වීම පිළි ගනිමින් අධික ගුණාත්මක භාවය දෙරටේ සහයෝගයේ පැහැදිලි ලකුණක් බවට පත්වනු ඇත. සිංග්පූරුව සමග කලාපීය සාමූහික සහයෝගය රැක ගැනීම හා කණ්ඩායම් දේශපාලනයට විරුද්ධ වීම චීනයේ අපේක්ෂාවයි. දෙපාර්ශ්වයට ඒකාබද්ධව ගෝලීය සංවර්ධන මුලපිරුම කලාපය තුළ  ක්‍රියාවට නැංවීම ප්‍රවර්ධනය කිරීමට හැකිවනු ඇති බවට ෂී ජින් පිං මහතා අපේක්ෂා පළ කළේය.

වත්මන් සංකීර්ණ ජාත්‍යන්තර තත්ත්වය යටතේ චීන සිංග්ප්පූරු සබඳතාව අඛණ්ඩව පුළුල් කිරීමට හැකිවනු ඇති බව සිංග්පූරු අග්‍රාමාත්‍ය Lee Hsien Loong මහතා එහිදී අපේක්ෂා පළ කළේය. චීන සංවර්ධනය නතර නොහැකි ය. ප්‍රබල මෙන්ම මිත්‍රශීලි චීනය, කලාපය හා ලෝකයට සක්‍රීය ‍බලපෑම් ගෙන එනු ඇත. චීනය සංවර්ධනය සිංග්පූරුව දකින්නේ  සක්‍රීය අන්දමින් යැයි ද Lee Hsien Loong මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240508බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම