චීන ජනපති හා බෲනායි සුල්තාන්වරයා අතර හමුවක්
2022-11-18 18:40:23
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා බෲනායි Haji Hassanal Bolkiah  සුල්තාන්වරයා හමු වේ.

එම හමුව අද(18) සන්ධ්‍යාවේ බැංකොක්හිදී සිදුවිය.

චීනය හා බෲනායි රාජ්‍යය මුහුදෙන් වෙන්ව සිටිය ද සමීප අසල්වැසියන් මෙන්ම, අන්‍යෝන්‍ය විශ්වාසයෙන් බැඳී සිටින මිත්‍රයන් හා පොදුවේ සංවර්ධනය වන හවුල්කරුවන් ද වන බව ෂී ජින්පිං මහතා එහිදී පැවසීය. චීනය හා බෲනායි රාජ්‍යය අදහස් හුවමාරු පවත්වා ගෙන යමින් උපායමාර්ගික සම්බන්ධීකරණය ගැඹුරු කරමින් එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල ඉහල ගුණාත්මකභාවයෙන් යුතුව ඉදිරියට ගෙන යා යුතු බව ඔහු කීය. දෙරටට යටිපල පහසුකම්, කෘෂිකර්ම හා ධීවර කර්මාන්තය, බලශක්තිය ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගතා පුළුල් කිරීමට කටයුතු කළ හැකි යැයි ද ඔහු පෙන්වා දුන්නේය. විශේෂයෙන් හරිත සංවර්ධනය හා ඩිජිටල් ආර්ථිකය පිළිබඳ සහයෝගතා ගොඩනගමින් දෙරටේ මානව හා සංස්කෘතික හුවමාරු ද ක්‍රමානුකූලව පැවැත්විය හැකි බව ද ඔහු පැවසීය.

එකම චීනය ප්‍රතිපත්තිය ස්ථිරව අනුගමනය කරන බෲනායි රාජ්‍යය, තම රටේ ආර්ථික විවිධත්ව ක්‍රියාදාමයට එක්වීමට චීනයට ආරාධනා කිරීමට කැමති බව බෲනායි සුල්තාන්වරයා ප්‍රකාශ කර ඇත. චීනය සමග ආර්ථික වෙළඳ, අධ්‍යාපන, මානව හා සංස්කෘථික, ක්‍රීඩා, ආරක්ෂක යන ක්ෂේත්‍ර වල සහයෝගතා ගැඹුරු කිරීමට අපේක්ෂා කරන බව ද ඔහු අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම