චීන ජනපති සහ නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්
2022-11-18 19:35:16
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ නවසීලන්ත අග්‍රාමාත්‍ය Jacinda Ardern මහත්මිය හමු වෙති. එම හමුව අද (18) සවස තායිලන්තයේ බැංකොක් හිදී සිදුවිය.

සමාජ, සංවර්ධන හා සංස්කෘතිකමය වශයෙන් වෙනස් වන චීනය හා නවසීලන්තය අතර ඇතැම් කරුණු සම්බන්ධයෙන් මතභේද ඇතිවීම සාමාන්‍ය දෙයක් වුවද එම මතභේද මගින් ද්විපාර්ශ්වික සබඳතාව තීරණය නොකළ යුතු බව ෂී ජින් පිං මහාතා එම හමුවේදී පෙන්වා දුන්නේය. විස්තීරණ උපායමාර්ගික හවුල්කරුවන් වන දෙරට සන්නිවේදනය හා අන්‍යෝන්‍ය විශ්වාසය ශක්තිමත් කරමින් එකිනෙකාගේ මූලික අවශ්‍යතාවලට ගරු කරන අතර තිරසර සබඳතාවක් ප්‍රවර්ධනය කළ යුතු බව ද හෙතෙම පැවසීය. වෙළඳාම, විද්‍යා තාක්‍ෂණය සහ අධ්‍යාපනය ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගීතාව ගැඹුරු කරමින්, දෙරටේ යාවත්කාලීන කෙරුණු නිදහස් වෙළඳ ගිවිසුම හා කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම මනාව ක්‍රියාත්මක කළ යුතු බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

ලෝකයේ අනාගත සංවර්ධනය සහ සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීමට චීනය වැදගත් බලවේගයක් බව Jacinda Ardern මහත්මිය එහිදී කීවාය. නවසීලන්තය එකම චීනය මූලධර්මයට අනුගත ව සිටියි. ආසියා-පැසිෆික් කලාපයේ සමෘද්ධිය සහ ස්ථාවරත්වයට දායක වීම සඳහා චීනය සමඟ දකුණු පැසිෆික් කටයුතු පිළිබඳව ගැඹුරු ලෙස අදහස් හුවමාරු පැවැත්වීමට කැමැත්තෙන් සිටින බව ඇය කියා සිටියාය.


ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම