ජී20 බාලී සමුළුවේ සමාප්ත දිනයේදී රාජ්‍යතාන්ත්‍රික අවස්ථා රැසකට එක්වූ චීන ජනපති
2022-11-17 18:41:51
Share with:

නොවැම්බර් 16වනදා ජී20 බාලී සමුළුවේ දෙවැනි දිනයේ එනම් එහි සමාප්ත දිනයේදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා බහුපාර්ශ්වික හා ද්වීපාර්ශ්වික ක්‍රියාකාරකම් රැසකට එක් විය.

‍ඩිජිටල් ප්‍රතිසංස්කරණය පිළිබඳව අදහස් දක්වමින් ඔහු යෝජනා තුනක් ඉදිරිපත් කළේය. පළමුවෙන්ම, බහුපාර්ශ්වවාදයේ නියැළී සිටිමින් ජගත් සහයෝගතා පුළුල් කිරීමය. දෙවනුව සංවර්ධනයට ප්‍රමුඛතාව ලබා දෙමින් ඩිජිටල් පරතරය අවම කිරීමට වෑයම් දැරීමය. තුන්වනුව නවෝත්පාදනයෙන් පශ්චාත් වසංගත පුනරුත්ථාපනයට සහාය වීමය.

16වන දින සන්ධ්‍යාවේ හෙතෙම බාලී දූපතේදී එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා හමු විය. එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සහයෝගතා ශක්තිමත් කරමින් ගෝලීය සංවර්ධන මුලපිරුම පොදුවේ ඉදිරියට මෙහෙයවීමට හා ගෝලීය ආරක්ෂක මුලපිරුමේ ප්‍රතිඵල දිනා ගැනීම ප්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීමට චීනය කැමති බව චීන ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

එදිනම රාත්‍රියේ ෂී ජින්පිං මහතා මෙවර ජී20 බාලී සමුළුවේ සත්කාරකත්වය දැරූ, ඉන්දුනීසියානු ජනාධිපති Joko Widodo මහතා සමග සාකච්ඡාවක් පැවැත්වීය. පොදු ඉරණමක් සහිත චීන ඉන්දුනීසියානු ප්‍රජාවක් පොදුවේ ගොඩනැගීම සම්බන්ධයෙන් එහිදී නායක දෙපළ වැදගත් එකඟතාවන්ට එළඹිණ.

අනතුරුව නායක දෙපළ Jakarta-Bandung අධිවේගී දුම්රිය මාර්ගය අත්හදා බැලීමක් වශයෙන් ධාවනය කිරීම වීඩියෝ ආකාරයෙන් නැරඹීම එම දිනයේ විශේෂ අවස්ථාවක් විය. 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම