ජී 20 නායකයන්ගේ 17 වන සමුළුවට චීන ජනපතිගේ සහභාගිත්වය කෙරෙහි ඉන්දුනීසියානු මාධ්‍යවල පුළුල් අවධානයක්
2022-11-17 10:13:55
Share with:

ජී20 කණ්ඩායමේ නායකයින්ගේ 17වන සමුළුවට චීන ජනාධිපති ෂී ජින්පිං මහතා එක්වීම කෙරෙහි ඉන්දුනීසියානු මාධ්‍ය දැඩි අවධානයක් යොමු කර ඇති අතර, ඒ පිළිබඳව පුළුල් ලෙස වාර්තා කරයි.

ඉන්දුනීසියාවේ පුළුල් ආවරණයක් සහිත MEDIA රූපවාහිනී නාලිකාව, ෂී ජින්පිං මහතා බාලි වෙත පැමිණි විගස ඒ පිළිබඳව වාර්තා කර ඇති අතර, ජනාධිපතිවරයා සමුළුවට සහභාගි වීමේ කාලසටහන ද සවිස්තරාත්මකව පළ කර ඇත.

ඉන්දුනීසියාවේ ඉංග්‍රීසි භාෂාවෙන් පළවන ප්‍රධාන දිනපතා පුවත්පත වන The Jakarta Post පුවත්පත, මෙම සමුළුවේ චීන හඬ පිළිබඳව දින කිහිපයක් අඛණ්ඩව වාර්තා කළ අතර, චීන-ඇමරිකානු රාජ්‍යනායක හමුව පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කර ඇත.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම