සාමකාමී සංවර්ධන මාවත මානව සෞභාග්‍යයට අත්‍යවශ්‍ය බව චීන ජනපති කියයි
2022-11-17 20:38:42
Share with:

"සාමකාමී සංවර්ධන මාවතක්," "විවෘතභාවයේ හා සමස්තයේ මාවතක්" සහ "සහයෝගීතාවයේ මාවතක්" අනුගමනය කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පවසයි. ආසියා පැසිෆික් කලාපය, වරෙක විශාල බල එදිරිවාදී සහ ජාත්‍යන්තර ආරවුල් වලින් පිරුණු ස්ථානයක් වූ අතර, ගැටුම් සහ යුද්ධවලින් බොහෝ පීඩා විඳ ඇති බව, APEC සංවිධානයේ කර්මාන්ත හා වාණිජ නායකයින්ගේ රැස්වීමට ලිඛිත දේශනයක් කරමින් හෙතෙම සඳහන් කළේය. මානව සමෘද්ධිය සහ ප්‍රගමනය සඳහා විවෘතභාවය සහ සමස්තය මානව සෞභාග්‍යයට හා ඉදිරි පැවැත්මට අත්‍යවශ්‍ය බව පැවසූ චීන ජනාධිපතිවරයා, ආසියා පැසිෆික් ආශ්චර්යය නිර්මාණය වී ඇත්තේ  සියලු දෙනාම අත්වැල් බැඳගෙන දුෂ්කරතා සහ බාධක ජය ගැනීමෙන් බව ද  ප්‍රකාශ කළේය. 

‘මූලික පරමාර්ථයෙහි එල්බ සිට සංවර්ධනය පොදුවේ ප්‍රවර්ධනය කරමින් ආසියා පැසිෆික් සහයෝගතාවේ නව පරිච්ඡේදයක් ආරම්භ කිරීම’ එම ලිඛිත දේශනයේ තේමාවය. ආසියා පැසිෆික් කලාපයේ ස්ථාවරත්වය හා සමෘද්ධියට වැඩි වශයෙන් දායකවීම සඳහා, පොදු ඉරණමක් සහිත ආසියා පැසිෆික් හවුල් ප්‍රජාවක් ගොඩනැගීම ඉදිරියට ගෙන යාමට චීනය ස්ථිර ලෙස උත්සාහ දරන බව ෂී ජින්පිං මහතා එහිදී අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම