Jakarta-Bandung අධිවේගී දුම්රිය සේවාවේ ප්‍රථම අත්හදා බැලීම සාර්ථකයි
2022-11-17 10:37:44
Share with:

Jakarta-Bandung අධිවේගී දුම්රිය සේවාවේ ප්‍රථම අත්හදා බැලීම සාර්ථක වෙයි.

මෙම දුම්රිය මාර්ගය චීන - ඉන්දුනීසියානු සහයෝගිතා  ඉදිකිරීම් ව්‍යාපෘතියකි. චීන දුම්රිය සමාගම විසින් නිෂ්පාදනය කරන ලද පරීක්ෂණ දුම්රියක් යොදවා ඊයේ(16) මෙම මාර්ගය සාර්ථක ව පරීක්ෂාවට ලක් කෙරිණ. අත්හදා බැලීම් අදියරේ සාර්ථකත්වය, Jakarta-Bandung අධිවේගී දුම්රිය ව්‍යාපෘතියේ පශ්චාත් ඉදිකිරීම් හා ධාවනය ඇරඹීම සඳහා මනා පදනමකි.

Jakarta-Bandung අධිවේගී දුම්රිය මාර්ගයේ සමස්ත දුර  කිලෝමීටර 142.3ක් වන අතර, අපේක්ෂිත උපරිම වේගය පැයකට කිලෝමීටර 350කි.  Jakarta සිට Bandung දක්වා ගමන් කිරීමේ දී දැනට ගතවන පැය 3කට අධික ධාවන කාලය, මෙමගින් විනාඩි 40ක් දක්වා අඩුවීම විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම