රුසියානු -යුක්රේන අර්බුදය සමනය කිරීමට යළි පියවර ගන්නැයි චීනය ජගත් ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලයි
2022-11-17 10:32:36
Share with:

රුසියානු -යුක්රේන අර්බුදය සමනය කිරීමට යළි සාකච්ඡා අරඹන්නැයි චීනය ආරක්ෂක මණ්ඩලයේ දී ඉල්ලාසිටී.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ඊයේ(16) යුක්රේනයේ තත්ත්වය පිළිබඳ තවත් විශේෂ රැස්වීමක් පැවැත්වීය.

ජගත් සංවිධානයේ චීන නිත්‍ය නියෝජිත Zhang Jun මහතා එහිදී පෙන්වා දුන්නේ,  වත්මන් තත්ත්වය යටතේ කෙතරම් දුෂ්කරතා සහ අභියෝග පැවතිය ද, ජාත්‍යන්තර ප්‍රජාව එකඟතාවක් ඇති කරගනිමින් සහයෝගිතාවය ගොඩනගා, හැකි ඉක්මණින් රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා යළි ආරම්භ කිරීම සඳහා වගකිවයුතු කාර්යභාරයක් ඉටුකිරීම අවශ්‍ය බවයි.

   ධාන්‍ය සහ පොහොර අපනයනයේ දී රුසියාව මුහුණ පාන දුෂ්කරතා විසඳීමේ දී අඛණ්ඩ සම්බන්ධීකරණ භූමිකාවක් ඉටුකිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට සහ ඔහුගේ කණ්ඩායමට සහාය දෙන චීනය,  සම්බාධකවල ඍණාත්මක බලපෑම ඉවත් කිරීම සඳහා ප්‍රබල ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බව ද Zhang Jun මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම