සංවර්ධනය වෙමින් පවතින රටවලට අඛණ්ඩ ව සහය වන බවට ජී-20 ප්‍රකාශනයෙන් ප්‍රතිඥා
2022-11-17 11:18:37
Share with:

ජී-20 කණ්ඩායමේ නායක සමුළුව නිමාවට පත්‍ වේ.

ජී-20 කණ්ඩායමේ 17වන නායක සමුළුව ඊයේ (16) ඉන්දුනීසියාවේ බාලි දූපතේ දී අවසන් විය. ” ජී-20 කණ්ඩායමේ බාලි නායක සමුළුවේ ප්‍රකාශනය ” එහිදී සම්මත කරනු ලැබීය.

ලෝක ආර්ථික ප්‍රකෘතිය හා ගෝලීය අභියෝග ජයගැනීම සඳහා සිය කණ්ඩායම දැරිය යුතු වගකීම් එම ප්‍රකාශනය මගින් අවධාරණය කෙරිණ. සංවර්ධනය වෙමින් පවතින රටවල්, විශේෂයෙන් ඌන සංවර්ධිත මෙන්ම දූපත් රටවලට ගෝලීය අභියෝගයන්ට මුහුණ දීම සඳහාත්, තිරසර සංවර්ධන ඉලක්ක සපුරාලීමටත් අඛණ්ඩ ව උපකාර කරන බවට ජී-20 කණ්ඩායම එම ප්‍රකාශනය මගින් ප්‍රතිඥා දී ඇත.

ජී-20 කණ්ඩායම දේශපාලනීකරණයට ලක් නොවී ආර්ථික හා සංවර්ධන කරුණු කෙරේ අවධානය යොමු කළ යුතු බව සමුළුව අවසන් වීමෙන් පසු පැවති මාධ්‍ය හමුවේදී ඉන්දුනීසියානු ජනාධිපති Joko Widodo මහතා  යළි ප්‍රකාශ කළේ ය.

ජී-20 කණ්ඩායමේ මීළඟ නායක සමුළුව 2023 වසරේ සැප්තැම්බර් මාසයේ, ඉන්දියාවේ නවදිල්ලි නුවර දී පැවැත්වීමට නියමිත ය.

 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම