ඩිජිටල් පරතරය අඩු කිරීම ලෝකයේ හදිසි අවශ්‍යතාවක් බව චීනය පවසයි
2022-11-17 18:11:00
Share with:

ඩිජිටල් පරතරය අඩු කිරීම ලෝකයේ හදිසි අවශ්‍යතාවක් වන අතරම ඩිජිටල් පාලනය වැඩිදියුණු කිරීම පොදු අපේක්ෂාවක් බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

ඩිජිටල් පරතරය අඩු කිරීමේදී සංවර්ධනයට ප්‍රමුඛත්වය හිමිවිය යුතු බව ෂී ජින්පිං මහතා පෙන්වා දී ඇතැයි චීන වි‍දේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (17) පැවති මාධ්‍ය හමුවේදී පැවසුවාය. ඩිජිටල් පාලනය වැඩිදියුණු කිරීම සඳහා බහුපාර්ශ්විකත්වය අනුගමනය කරමින්, විවෘත, සමස්ත හා සාධාරණ ඩිජිටල් ආර්ථික පරිසරයක් ගොඩනැගිය යුතු බව ද ඇය සඳහන් කළාය.

ජාත්‍යන්තර සහයේගිතා ගැඹුරු කරමින් සාධාරණ, විවෘත, සහයෝගිතා හා පොදු සමෘද්ධිමත් ලෝක ඩිජිටල් ආර්ථික ප්‍රජාවක් බිහි කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ඇය අවධාරණය කළාය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම