චීන ජනපති තායිලන්තයට පැමිණෙයි
2022-11-17 15:19:25
Share with:

චීන ජනාධිපතිවරයා තායිලන්තයට ළඟා වේ.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(17)පස්වරුවේ විශේෂ ගුවන් යානයකින් තායිලන්තයේ බැංකොක් නුවරට පැමිණියේය.

තායිලන්ත අගමැති Prayut Chan-o-cha මහතාගේ ආරාධනාවට අනුව, අද (17) සිට 19 වනදා දක්වා එරට පැවැත්වෙන APEC සංවිධානයේ නායකයින්ගේ 29 වන නිල නොවන රැස්වීමට ෂී ජින්පිං මහතා සහභාගි වනු ඇත. එමෙන්ම, ජනාධිපතිවරයා තායිලන්තයේ නිල චාරිකාවක ද නිරත වීමට නියමිතය.  තායිලන්ත අගමැති Prayut Chan-o-cha මහතා , උප අගමැති හා විදේශ අමාත්‍ය Don Pramudwinai මහතා , සංස්කෘතික අමාත්‍ය Itthiphol Kunplome මහතා සහ ඔවුන්ගේ භාර්යාවන් විසින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හා පන්ග් ලි යුවාන් ආර්යාව බැංකොක් ස්වර්ණභූමී ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී උණුසුම් ලෙස පිළිගනු ලැබිණ.

ෂී ජින්පිං මහතා ඉන්දුනීසියාවේ බාලී දූපතෙන් පිටත්ව ගියේ අද (17) පෙරවරුවේ යි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම