චීන ජනපති හා ඉතාලි අගමැතිනි අතර හමුවක්
2022-11-17 15:40:31
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඉතාලි අගමැතිනි Giorgia Meloni මහත්මිය හමුවෙයි.

ඉන්දුනීසියාවේ බාලී හිදී ඊයේ( 16) එම හමුව සිදුවිය.පැරණි ශිෂ්ඨාචාර දෙකක් වශයෙන් චීනය හා ඉතාලිය පුළුල් පොදු අවශ්‍යතා සහ සහයෝගීතාව සඳහා ගැඹුරු පදනමක් බෙදා ගන්නා පුළුල් උපායමාර්ගික හවුල්කරුවන් බව චීන ජනාධිපතිවරයා එහිදී පැවසීය. පොදු පදනමක සිට වෙනස්කම් පිළිගනිමින් සම්මූතීන් පුළුල් කරමින්  සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙනයාම දෙරටටම වැදගත්ය. අධි ඉහළ නිෂ්පාදන, පිරිසිදු බලශක්තිය, ගුවන් සේවා සහ අභ්‍යවකාශ මෙන්ම තුන්වන පාර්ශ්වික වෙළඳ පොල වැනි ක්ෂේත්‍රවල සහයෝගතා පුළුල් කිරීමට දෙරටට හැකිවනු ඇති බවට ද චීන ජනාධිපතිවරයා අපේක්ෂා පළ කළේය. එහිදී අදහස් දැක්වූ ඉතාලි  අග්‍රමාත්‍යවරිය දෙරට වෙනස්කම් සහ එකඟනොවන කරුණු සම්බන්ධයෙන් ගරු කරමින් සහයෝගතාව ශක්තිමත් කළ යුතු බව පැවසුවාය.සංවාද හා හුවමාරු පවත්වා ගනිමින් අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කළ යුතු බවද ‍ඇය සඳහන් කළාය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම