විදේශ ආයෝජන ගෙන්වා ගැනීමට තරම් සුදුසු යටිතල පහසුකම් ශ්‍රී ලංකාව සතු බව චීන විශේෂ නියෝජිතයා පවසයි
2022-11-17 17:14:31
Share with:

විදේශ ආයෝජන ගෙන්වා ගැනීමට තරම් සුදුසු යටිතල පහසුකම්, මානව සම්පත් ඇතුළු පහසුකම් ශ්‍රී ලංකාව සතු බව චීනයේ විදෙස් රටවල් අතර මිත්‍රත්ව සංගමයේ සභාපති ලින් සොන්ටියන් මහතා පවසයි.කථානායකවරයා හමුවූ අවස්ථාවේ දී හෙතෙම සඳහන් කළේ  දැනට අවශ්‍ය වන්නේ ආයෝජන දිරිමත් කිරීම සඳහා අවශ්‍ය නෛතික වෙනස්කම් ඇති කිරීම බවත්ය.

ආයෝජකයන් දිරිගන්වන සුළු නෛතික පසුබිමක් කඩිනමින් ස්ථාපිත කළහොත් හම්බන්තොට ඇතුළු නිදහස් වෙළඳ කලාප පමණක් නොව කොළඹ වරාය නගරයටද පහසුවෙන් ආයෝජකයන් ගෙන්වා ගැනීමට හැකි බව ඒ මහතා පෙන්වා දුන්නේය. එසේම චීනය ආයෝජන සඳහා හැකි ඉහලම සහයෝගය ලංකාවට ලබා දෙන බවත් ඔහු පැවසීය. 

චීනය මෙරට දිගු කාලීන මිතුරෙකු ලෙස ලබා දෙන සහයෝගය එහිදී අගය කළ කථානායකවරයා දෙරටේ ද්වීපාර්ශ්වික සබඳතා ඉදිරියේදීත් තර කර ගැනීමට අපේක්ෂා කරන බව පැවසීය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම