Jakarta-Bandung අධිවේගී දුම්රිය මාර්ගය එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙලේ ආදර්ශ ව්‍යාපෘතියක්
2022-11-17 18:46:52
Share with:

Jakarta-Bandung අධිවේගී දුම්රිය මාර්ගය එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙලේ ආදර්ශ ව්‍යපෘතියක් බව චීනය පවසයි. 

ඊයේ (16) චීන ජනාධිපති ෂී ජින්පිං මහතා හා ඉන්දුනීසියානු ජනාධිපතිවරයා එක්ව Jakarta-Bandung අධිවේගී දුම්රිය සේවාවේ ප්‍රථම අත්හදා බැලීම වීඩියෝ ආකාරයෙන් නිරීක්ෂණය කළහ. අදාළ ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය මේ බව ප්‍රකාශ කළාය.

එම ව්‍යපෘතිය දෙරටේ නායක දෙපළ විසින් ප්‍රවර්ධනය කරන ලද්දකි. එම දුම්රිය සේවාව ආරම්භ කිරීම, චීනය හා ඉන්දුනීසියාව පොදුවේ ගොඩනගන එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල, වැදගත් ප්‍රතිඵල හිමිකර  ගන්නා පරිච්ඡේදයකට පිවිසීම සංකේතවත් කරයි.

එම දුම්රිය සේවාව මගින් Jakarta සිට Bandung දක්වා ගමන් කාලය කැපීපෙනෙන ලෙස අඩුවන අතර ප්‍රාදේශීය සංවර්ධනය‍ට ද ඉන් ධනාත්මක බලපෑමක් එල්ල කෙරේ. දෙරටේ නායකයන්ගේ උපායමාර්ගික මෙහෙයවීම යටතේ, දෙරටේ සබඳතාව අඛණ්ඩව වර්ධනය වනු ඇතැයි විශ්වාස කරන බව Mao Ning මහත්මිය සඳහන් කළාය. ඉන් දෙරටේ ජනතාවට ජයග්‍රහණ ගෙන දෙන අතරම සංවර්ධනය වෙමින් පවතින රටවල සමගිය හා සහයෝගිතාවන් වර්ධනයට ද වැඩි දායකත්වයක් ලබා දෙනු ඇතැයි ඇය කියා සිටියාය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම