සමාජ, ආර්ථික හා දේශපාලන ක්‍ෂේත්‍ර ඒකාබද්ධ කරමින් මෙවර අයවැය හඳුන්වා දිය හැකි බව අගමැති කියයි
2022-11-17 17:11:50
Share with:

සමාජ ,ආර්ථික හා දේශපාලන ක්‍ෂේත්‍ර ඒකාබද්ධ කරමින් ඉතිහාසයේ වැදගත් මාවතක් සකස් කිරීමට ඉදිරිපත් කළ අයවැයක් ලෙස මෙවර අයවැය හදුන්වාදිය හැකි බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.මෙවර අයවැය බරපතල ආර්ථික අර්බුදයක් හමුවේ ඉදිරිපත් කිරීමට සිදුවිය. එහි බරපතල බව සියලුම මන්ත්‍රිවරුන් ගැඹුරින් අවබෝධ කරගත යුතු යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසීය. සැලසුම් සහගත හා කළමණාකාරි ක්‍රියාමාර්ග ඉදිරියට ගෙනයාම සඳහා ජනාධිපතිවරයාට සියලු දෙනාගේ සහාය ලබාදිය යුතු යැයි ද ගුණවර්ධන මහතා පැවසීය.

මේ අතර තේ වගාකරුවන් සඳහා අවශ්‍ය පොහොර හා පලිබෝධ නාශක සැපයීමට රජය කඩිනම් ක්‍රියාමාර්ග ගෙන තිබේ. කුමන විවේචන එල්ලවුවද තේ ඵලදාව අඩුවී නොමැති බව ඇමති රමේෂ් පතිරණ මහතා පෙන්වා දෙයි. පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම