චීන - ඉන්දුනීසියානු ජනපතිවරුන් අතර හමුවක්
2022-11-17 09:32:09
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉන්දුනීසියානු ජනාධිපති Joko Widodo මහතා සමඟ සාකච්ඡා පවත්වයි. එම සාකච්ඡාව ඊයේ (16) රාත්‍රියේ ඉන්දුනීසියාවේ බාලි හිදී පැවැත්විණි. චීන - ඉන්දුනීසියානු පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ඒකාබද්ධව ගොඩනැගීම සඳහා දෙරටේ නායකයින් මෙහිදී වැදගත් එකඟතාවන්ට පැමිණ ඇත. ලබන වසරේ චීන - ඉන්දුනීසියානු පුළුල් උපායමාර්ගික හවුල්කාරී සබඳතාවයේ 10 වැනි සංවත්සරය නිමිතෙන් ඉහළ මට්ටමේ නවීන සහයෝගිතාවක් නිර්මාණය කිරීමට ඔවුහු එකඟ වූහ.

ජී 20 කණ්ඩායමේ නායකයන්ගේ සමුළුව සාර්ථකව පැවැත්වීම ගැන ෂී ජින් පිං මහතා ඉන්දුනීසියාවට සුබ පැතීය. චීන - ඉන්දුනීසියානු සහයෝගීතාව ප්‍රත්‍යක්ෂ ජයග්‍රහණ ලබා ඇති බවත්, එය දෙරට ජනතාවට ප්‍රතිලාභ ලබාදෙමින්, කලාපීය හා ගෝලීය මට්ටමින් ධනාත්මක බලපෑමක් ඇති කළ බවත් ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය. ඉන්දුනීසියාවේ ප්‍රධාන යටිතල පහසුකම් ඉදිකිරීම් ව්‍යාපෘති සඳහා සහභාගි වීම සඳහා, තම රටේ ව්‍යවසායන් දිරිමත් කිරීමට චීනය අඛණ්ඩව ක්‍රියා කරනු ඇත. ඉන්දුනීසියාවේ නව අගනුවර සහ උතුරු Kalimantan කාර්මික උද්‍යානය ගොඩනැගීමට සහය වෙමින්, ඩිජිටල් ආර්ථිකයේ සහ හරිත සංවර්ධනයේ සහයෝගිතාව පුළුල් කිරීම සඳහා ද චීනය කැපවන බව  ෂී ජින් පිං මහතා පැවසීය.

"කලාපීය විස්තීරණ ආර්ථික කොරිඩෝව" වැනි වැදගත් ව්‍යාපෘති ගොඩනැගීම සඳහා ඉන්දුනීසියාව, චීනය සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව Joko Widodo මහතා පැවසීය. දෙපාර්ශ්වය උපායමාර්ගික සහ ප්‍රායෝගික සහයෝගිතාව පුළුල් කර, දෙරටේ පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ඒකාබද්ධව ගොඩනඟනු ඇතැයි අපේක්ෂා කරන බව ද හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම