සයිබර් ආරක්ෂණ ගැටළු සම්බන්ධයෙන් ඇමරිකාව සෙසු රටවලට වගකීම් විරහිතව චෝදනා එල්ල කිරීම නතර කළ යුතු බව චීනය පවසයි
2022-11-16 19:12:17
Share with:

සයිබර් ආරක්ෂණ ගැටළු සම්බන්ධයෙන් ඇමරිකාව සෙසු රටවලට වගකීම් විරහිතව චෝදනා එල්ල කිරීම නතර කළ යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

චීනය ඇතුළු රටවල හැකර්වරුන්, ඇමරිකාවේ විද්‍යාත්මක පර්යේෂණ ලබා ගැනීමේ උත්සාහයන් වැළැක්වීමට ක්‍රියා කරමින් සිටින බව ඇමරිකාවේ නිලධාරීන් පවසා තිබේ. ඒ පිළිබඳව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (16) ප්‍රකාශ කළේ  චීන රජය සෑම විටම හැකර් ප්‍රහාර සහ තොරතුරු තාක්ෂණය අනිසි ලෙස භාවිත කිරීමට ස්ථීර ලෙස විරුද්ධ වන බවයි. ඇමරිකාව ලෝකයේ බලවත්ම අන්තර් ජාල තාක්‍ෂණ ශක්තිය සහිත රට වන අතර, සෙසු රටවලට හැකර් ප්‍රහාර, රහස්‍ය ප්‍රවේශ සහ සයිබර් සොරකම් කිරීම වැඩියෙන්ම සිදු කරන රට බව ද ඇය කියා සිටියාය.


ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම